අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වකුගඩු ජාවාරමට Western රෝහල සම්බන්ධ කරගැනීම ද්වේශ සහගත මඩක් – රෝහල් පරිපාලනය කියයි!

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති වකුගඩු ජාවාරමට හෝ ඊට සමාන කිසිම සිද්ධියකට තමන් කිසිසේත් සම්බන්ධ නැති බවත්, එම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ඕනෑම පරීක්ෂණයකට පූර්ණ සහාය ලබා දිමට සූදානම් බවත්    එම ජාවාරම සම්බන්ධව දැඩි චෝදනා එල්ල වෙමින් ඇති  බොරැල්ල කොටා පාරේ පිහිටි Western රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

‘ඉන්ද්‍රිය ජාවාරම’ හෝ ‘අභ්‍යන්තර අවයව ජාවාරම’  පිළිබඳ   කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පවත්වාගෙන යන ඕනෑම පරීක්ෂණයක් වෙනුවෙන් පූර්ණ සහයෝගය දෙන බව පවසන රෝහල් කළමණාකාරිත්වය ‘ප්‍රධාන සැකකරු’ ලෙස හඳුන්වන  පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ සම්බන්ධව පූර්ණ   පරීක්ෂණයක්  බලාපොරොත්තු වන බව දන්වා ඇත.

2022 නොවැම්බර් මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනක පුද්ගලයන් පිරිසක් රෝහල් පරිශ්‍රයට කඩා  වැදී

ඔවුන්ගේ පරිත්‍යාගය වෙනුවෙන්  තමන්ට ලැබිය යුතු අධික මුදලක්  ඉල්ලා සිටි බව රෝහල් කළමනාකාරිත්වය කියයි. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට වකුගඩු සඳහා ගෙවා ඇත්තේ පොරොන්දු වූ මුදලින් කොටසක් පමණක් බවය.

එවැනි ගනුදෙනු නීති විරෝධී වන බැවින් ඒ සම්බන්ධව රෝහල් කාර්ය මණ්ඩලය ඉක්මනින්ම ඔවුන්ට දන්වා ඇත්තේ තමන්ගේ අවයව කිසිවිටෙක විකිණිය නොහැකි බව දන්වා ඇතැයි රෝහල් කළමණාකාරිත්වය කියයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම අවස්ථාවේ දී  එම පිරිස රෝහලට ගිනි තබන බවට තර්ජනය කරමින් බිය ගන්වා කප්පම් ඉල්ලීමේ ස්වරූපයක් ප්‍රකට කළ බවත්,  සමස්ත ඉල්ලීම සහ බලය පෙන්වීම නීති විරෝධී වූ අතර එය තර්ජනයක් වූ බවත්  රෝහල් කළමනාකාරිත්වය පවසයි.

රෝහල් කළමනාකාරීත්වය කියන්නේ  ඕනෑම පරිත්‍යාගශීලියෙකුගෙන් කැමැත්ත ලබා ගන්නා දැඩි ක්‍රියා පටිපාටියක් පවතින බවය. එම එකඟ වීමට පෙර දැඩි නීතිමය අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවත්, එම ක්‍රියාවලිය අමත්‍යාංශය යටතේ ස්ථර තුනකින් අධීක්ෂණය වන බවත් රෝහල පවසයි.

එමෙන්ම පරිත්‍යාගශීලියාට වකුගඩුව බද්ධ කිරීමට පෙර  ඕනෑම වේලාවක   ඔවුන්ගේ කැමැත්ත අවලංගු කළ හැකි බවත් පෙන්වා දෙයි.

දිවයිනේ තවත් පෞද්ගලික රෝහල් පහක් වකුගඩු බද්ධ කිරීම් සිදු කරන බව වෙස්ට්න රෝහල දන්වා සිටී.  ඒ සියලු දෙනාම  අනුගමනය කරන්නේ  එකම ක්‍රියාවලියක් සහ ක්‍රියා පටිපාටික් බවද ඔවුන් පවසා ඇත.   .

මෙම ප්‍රශ්නය වටා ඇති මාධ්‍ය වාර්තා ද්වේශ සහගත බව ද රෝහල දන්වයි. වෛද්‍ය විද්‍යාත්මකව කළ නොහැකි වෘෂණ කෝෂ බද්ධය ඊට උදාහරණයක් බව රෝහල පවසයි.

Western රෝහල වකුගඩු ප්‍රතිකාර සඳහා  පුරෝගාමීන්  වූ බවත්  රට තුළ වකුගඩු බද්ධ කිරීම සහ වර්ෂ 1984 දී  රෝගීන් සඳහා ඩයලිසිස් ප්‍රතිකාර ප්‍රථම වරට සිදු කරන ලද්දේ තම රෝහල බවත් එම නිවේදනයේ දැක්වේ.

රෝහල් කළමනාකාරිත්වය කියන්නේ වසර ගණනාවක් පුරා වකුගඩු 1200කට වැඩි ප්‍රමාණයක් බද්ධ කරමින්,  රෝගීන් දස දහසකට වැඩි ප්‍රමාණයකට රෝහල තුළ ඩයලසීස් ප්‍රතිකාර ලබා දෙමින්  ජාත්‍යාන්තර මට්ටමේ කීර්තියක් අත් කරගත් සිය රෝහල ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ලවෙමින් ඇති බවය.

මෙවැනිම මඩ ප්‍රහාරයක් පාස්කු ප්‍රහාරය වකවානුවේ දීයත් වූ බවත් පාස්කු ප්‍රහාරක රිල්වාන්ට රෝහලෙන්  ප්‍රතිකාර කළ බවට පලවූ පුවතත් සමග දැඩි අර්බුදයකට මුහුණ දුන් බවත් ඔවුහු පවසති. පසුව කළ පරීක්ෂණවලින් එය සාහසික අසත්‍යයක් යැයි ඔප්පු වූ බව ද ඔවුහු පෙන්වා දෙති.

රෝහල විසින් නිකුත් කළ නිවේදනය පහත දිගුවෙහි දැක්වේ….

Alleged Kidney Racket – Statement by Western Hospital – 7th December 2022

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාර්තිහෙයි විලා පූජාවේ පහන් එළියෙන් උතුරම ආලෝකමත් වෙයි!

Next Post

අළුපාට මරණය… ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කරන බිහිසුණු අනතුරු ඇඟවීම මෙන්න!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.