මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති වකුගඩු ජාවාරමට හෝ ඊට සමාන කිසිම සිද්ධියකට තමන් කිසිසේත් සම්බන්ධ නැති බවත්, එම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ඕනෑම පරීක්ෂණයකට පූර්ණ සහාය ලබා දිමට සූදානම් බවත් එම ජාවාරම සම්බන්ධව දැඩි චෝදනා එල්ල වෙමින් ඇති බොරැල්ල කොටා පාරේ පිහිටි Western රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
‘ඉන්ද්රිය ජාවාරම’ හෝ ‘අභ්‍යන්තර අවයව ජාවාරම’ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පවත්වාගෙන යන ඕනෑම පරීක්ෂණයක් වෙනුවෙන් පූර්ණ සහයෝගය දෙන බව පවසන රෝහල් කළමණාකාරිත්වය ‘ප්‍රධාන සැකකරු’ ලෙස හඳුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන බව දන්වා ඇත.
2022 නොවැම්බර් මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනක පුද්ගලයන් පිරිසක් රෝහල් පරිශ්‍රයට කඩා වැදී
ඔවුන්ගේ පරිත්‍යාගය වෙනුවෙන් තමන්ට ලැබිය යුතු අධික මුදලක් ඉල්ලා සිටි බව රෝහල් කළමනාකාරිත්වය කියයි. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට වකුගඩු සඳහා ගෙවා ඇත්තේ පොරොන්දු වූ මුදලින් කොටසක් පමණක් බවය.
එවැනි ගනුදෙනු නීති විරෝධී වන බැවින් ඒ සම්බන්ධව රෝහල් කාර්ය මණ්ඩලය ඉක්මනින්ම ඔවුන්ට දන්වා ඇත්තේ තමන්ගේ අවයව කිසිවිටෙක විකිණිය නොහැකි බව දන්වා ඇතැයි රෝහල් කළමණාකාරිත්වය කියයි.
එම අවස්ථාවේ දී එම පිරිස රෝහලට ගිනි තබන බවට තර්ජනය කරමින් බිය ගන්වා කප්පම් ඉල්ලීමේ ස්වරූපයක් ප්‍රකට කළ බවත්, සමස්ත ඉල්ලීම සහ බලය පෙන්වීම නීති විරෝධී වූ අතර එය තර්ජනයක් වූ බවත් රෝහල් කළමනාකාරිත්වය පවසයි.
රෝහල් කළමනාකාරීත්වය කියන්නේ ඕනෑම පරිත්‍යාගශීලියෙකුගෙන් කැමැත්ත ලබා ගන්නා දැඩි ක්‍රියා පටිපාටියක් පවතින බවය. එම එකඟ වීමට පෙර දැඩි නීතිමය අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවත්, එම ක්‍රියාවලිය අමත්‍යාංශය යටතේ ස්ථර තුනකින් අධීක්ෂණය වන බවත් රෝහල පවසයි.
එමෙන්ම පරිත්‍යාගශීලියාට වකුගඩුව බද්ධ කිරීමට පෙර ඕනෑම වේලාවක ඔවුන්ගේ කැමැත්ත අවලංගු කළ හැකි බවත් පෙන්වා දෙයි.
දිවයිනේ තවත් පෞද්ගලික රෝහල් පහක් වකුගඩු බද්ධ කිරීම් සිදු කරන බව වෙස්ට්න රෝහල දන්වා සිටී. ඒ සියලු දෙනාම අනුගමනය කරන්නේ එකම ක්‍රියාවලියක් සහ ක්‍රියා පටිපාටික් බවද ඔවුන් පවසා ඇත. .
මෙම ප්රශ්නය වටා ඇති මාධ්‍ය වාර්තා ද්වේශ සහගත බව ද රෝහල දන්වයි. වෛද්‍ය විද්‍යාත්මකව කළ නොහැකි වෘෂණ කෝෂ බද්ධය ඊට උදාහරණයක් බව රෝහල පවසයි.
Western රෝහල වකුගඩු ප්‍රතිකාර සඳහා පුරෝගාමීන් වූ බවත් රට තුළ වකුගඩු බද්ධ කිරීම සහ වර්ෂ 1984 දී රෝගීන් සඳහා ඩයලිසිස් ප්‍රතිකාර ප්‍රථම වරට සිදු කරන ලද්දේ තම රෝහල බවත් එම නිවේදනයේ දැක්වේ.
රෝහල් කළමනාකාරිත්වය කියන්නේ වසර ගණනාවක් පුරා වකුගඩු 1200කට වැඩි ප්‍රමාණයක් බද්ධ කරමින්, රෝගීන් දස දහසකට වැඩි ප්‍රමාණයකට රෝහල තුළ ඩයලසීස් ප්‍රතිකාර ලබා දෙමින් ජාත්‍යාන්තර මට්ටමේ කීර්තියක් අත් කරගත් සිය රෝහල ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ලවෙමින් ඇති බවය.
මෙවැනිම මඩ ප්‍රහාරයක් පාස්කු ප්‍රහාරය වකවානුවේ දීයත් වූ බවත් පාස්කු ප්‍රහාරක රිල්වාන්ට රෝහලෙන් ප්‍රතිකාර කළ බවට පලවූ පුවතත් සමග දැඩි අර්බුදයකට මුහුණ දුන් බවත් ඔවුහු පවසති. පසුව කළ පරීක්ෂණවලින් එය සාහසික අසත්‍යයක් යැයි ඔප්පු වූ බව ද ඔවුහු පෙන්වා දෙති.
රෝහල විසින් නිකුත් කළ නිවේදනය පහත දිගුවෙහි දැක්වේ….
Alleged Kidney Racket – Statement by Western Hospital – 7th December 2022







