දිනසේන රතුගමගේ
හින්දු බැතිමතුන්ගේ පූජනීය දිනයක් වන තිරු කාර්තිහෙයි විලා පූජාවේදී මියගිය පිරිස් සිහිපත් කරමින් වවුනියාව යාපනය ඇතුලු උතුරු පළාතේ වැසියෝ ඊයේ ( 7 ) රාත්රියේ පහන් දැල්වූහ.
හින්දු බැතිමතුන් තම පවුල්වල මියගිය පිරිස් සිහිපත් කරමින් පහන් දල්වා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම මෙම තිරු කාර්තිහෙයි විලා පූජාවේදී සිදු කරණ අතර එම පූජාව වසරේ නොවැම්බර් මාසයට යෙදෙන පුන් පෝදා සිදු කරණු ලබයි.







