සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයම පිළිකුල් කරන “නේවි සම්පත්“ පසුපස සිටින සැබෑ අපරාධකරු කවුද?.

by editor
දෙසැම්බර් 11, 2021
in පුවත්
චන්දන හෙට්ටිආරච්චි නේවි සම්පත් ලෙස අත්අඩංගුවට පත් වූ අවස්ථාව..

චන්දන හෙට්ටිආරච්චි නේවි සම්පත් ලෙස අත්අඩංගුවට පත් වූ අවස්ථාව..

Share on FacebookShare on Twitter

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය සංචාරක තහනම් පැනෙව්වේය.

එලෙස අමෙරිකා විසින් සංචාරක තහනම් පනවා ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වු චන්දන හෙට්ටිආරච්චිට සහ යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායකටයි.

2008 – 2009 කාල සීමාවේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදු වීමට අදාලව චෝදනා කරමින් නාවික හමුදා නිලධාරී චන්දන හෙට්ටිආරච්චිට එම තහනම පනවා තිබේ. සැරයන් සුනිල් රත්නායකට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2000 වසරේ දෙසැම්බර් මාසයේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමය.

නේවි සම්පත්

මෙතැන් සිටි අප කතා කරන්නේ චන්දන හෙට්ටිආරච්චි ගැනය. මේ චන්දන හෙට්ටිආරච්චි පොලිසිය විසින් හඳුන්වා දෙන්නේ  නේවි සම්පත් නමිනි. මේ රටේ සිදුවූ අශිෂ්ටම මිනීමරුමක්වන මේ සිවිල් පුද්ගලයින් 11 දෙනා ඝාතනය කළ නේවි සම්පත් ගැන යළිත් අපට මතක් කර දෙන්නේ ඇමරිකාවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නේවි සම්පත්ගේ කතාව තවමත් මේ රටට උභතෝකෝටියකි. මේ සටහන තබන්නේම ඒ නිසාය.

නේවි සම්පත් නැමැ­ත්තෙක් පොලිස් අත්තඅඩංගුව ගන්නේ වර්ෂ 2018 අගොස්තු  13 වනදා කොළඹ ලෝටස් පාරේදීය. ඔහුව රැඳ­වුම් නියෝග මත රඳවා ගනි­මින් ප්‍රශ්න කිරි­මෙන් අන­තු­රුව එවකට සමූහ මංකොල්ල විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති නිශාන්ත සිල්වා විසින් 2018  අගෝස්තු 15 ඔහුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලබන්නේ ය.

පොලි­සිය විසින් පසු­ගිය 13 දා අත්අ­ඩං­ගු­වට ගත්තේ හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­ර­ච්චිය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහුව නේවි සම්පත් ලෙස හඳු­නා­ගන්නේ 2018 අවු­රුද්ද මුල් භාග­යේය. පොලිස් මූල­ස්ථා­නය වර්ෂ 2018 ජන­වාරි මස මාධ්‍ය­ව­ලට නිවේ­ද­න­යක් නිකුත් කර­මින් චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා පුද්ග­ල­යන් 11 දෙනෙක් පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීමේ අප­රා­ධ­යට සම්බන්ධ ප්‍රධාන සැක­ක­රු­වෙක් බවත්, දැනට අධි­ක­ර­ණය මඟ­හැර සිටින ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට මහ­ජන සහ­යෝ­ගය අවශ්‍ය බවත් කියා සිටි­යේය.

2018ට කලින් සිටි නේවි සම්පත්

2018 අවු­රුද්දේ ජන­වා­රි­යට කලින් නේවි සම්පත් නැමැ­ත්තෙක් සම්බ­න්ධව පොලිස් පොත් වල ලියැ­වු­ණේය. විම­ර්ශන සිද්ධ වුණේය. අත්අ­ඩං­ගු­වට පත් වුණේය. ඒ නේවි සම්පත්, මුණ­සිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් නැමැති නාවික හමු­දාවේ හිටපු ලුති­නන් කමා­න්ඩර් වර­යාය. හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩ ගේ පුද්ග­ලික ආරක්ෂක නිල­ධා­රියා ය.

නේවි සම්පත් නැමැ­ත්තෙක් සම්බ­න්ධව මුලින් ම ඇසෙන්නේ යුද්ධය පව­තින කාල­යේ­දීය. ඒ එව­කට ගුවන් හමු­දා­ප­ති­ව­ර­යාව සිටියේ රොෂාන් ගුණ­ති­ල­කගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වන බල­ගන නායක නිශාන්ත ගජ­නා­ය­කත් ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ පොලිස් නිල­ධා­රි­යෙක් වූ ප්‍රීති­වි­රාජ් මන­ම්පේරි නැමැ­ත්තාත් පිට­කො­ටුවේ ද්‍රවිඩ ජාතික ව්‍යාපා­රි­ක­යෙක් පැහැර ගෙන කප්පම් ඉල්ලීමේ සිද්ධි­යක් සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසුය.

මේ අව­ධිය වන­විට එල්.ටී.ටී.ඊ ක්‍රියා­කා­ර­කම් මැඩ පැවැ­ත්වී­මට කොළඹ ක්‍රියා­ත්මක වුන බුද්ධි ජාලයේ ගාමක බලය සහි­තව සිටි කරුණා පාර්ශ­වයේ කාඩ­ර­යන් එල්.ටී.ටී.ඊ ට කප්පම් ගෙවන වග හොඳින්ම දැන­ගෙන හිටි ව්‍යාපා­රි­ක­යන් ඉලක්ක කර­ගෙන සිය කප්පම් ව්‍යාපා­රය දියත් කර තිබු­ණහ. ඒ සම­ඟම විවිධ කප්පම් කල්ලි කොළඹ හැසි­රු­ණේය. මේ කප්පම් කල්ලි ගැන විම­ර්ශ­නය කර­ගෙන යන පොලි­සිය හිටපු ගුවන් හමු­දා­පති රොෂාන් ගුණ­ති­ල­කගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධාරී බල­ගණ නායක නිශාන්ත ගජ­නා­ය­කත් ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ පොලිස් නිල­ධා­රි­යෙ­ක්වන ප්‍රීති විරාජ් මන­ම්පේරි නැමැ­ත්තාත් අත්අ­ඩං­ගුට ගත්තේය. ඒ වර්ෂ 2007 ජුනි මස 21 දාය. නේවි සම්පත් නැමැ­ත්තෙ­කුගේ කල්ලි­යක් කප්පම් ගන්නා බව මුලින්ම රහස් පොලි­සි­යේදී හෙළි වන්නේ අත්අ­ඩං­ගු­වට ගත් ප්‍රීති විරාජ් මන­ම්පේ­රිගේ ප්‍රශ්න කිරී­මේදී ඔහු කළ ප්‍රකා­ශ­ය­කට අනු­වය.

හිටපු ගුවන් හමු­දා­පති රොෂාන් ගුණ­ති­ල­කගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රි­යාට සම­ගා­මීව තවත් කප්පම් කල්ලි­යක් මෙහෙ­ය­වන නේවි සම්පත් නැමැත්තා කව­රෙ­ක්දැයි සොයන රහස් පොලි­සිය එදා හඳු­නා­ගන්නා පුද්ග­ලයා මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් නැමැ­ත්තෙකි. ඔහු ඒ වක­වා­නුවේ හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා ලෙස කට­යුතු කළේය. මේ තොර­තුරු මත නේවි සම්පත් නැමැත්තා     අත්අ­ඩං­ගු­වට ගැනී­මට අදාළ මූලික ප්‍රශ්න කිරීම් සඳහා අවශ්‍ය කති­කාව කර­ගැ­නී­මට එව­කට නියෝජ්‍ය                 පොලි­ස්ප­ති­ව­ර­යෙක් වූ ජී.ඩබ්ලියු. ප්‍රතා­ප­සිංහ හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගො­ඩව මුණ ගැසෙ­න්නේය. පොලි­සි­යට අවශ්‍ය සහය ඒ මොහොතේ ලැබෙන්නේ නැත. නාවික හමු­දා­ප­ති­ කරන්නාගොඩ තමන්ගේ පුද්ග­ලික     ආර­ක්ෂක  නිල­ධා­රියා වූ මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත්ට එරෙ­හිව නැගෙන “නේවි සම්පත්” චෝද­නාව පිළි­ගන්නේ නැත. සිද්ධිය එතැ­නින් යට යන්නේය.

නේවි සම්පත්ගේ තුච්ඡ ඝාතන –

නැවත වරක් නේවි සම්පත් නැමැ­ත්තෙක් ගැන කතා කරන්නේ පුද්ග­ල­යන් 11 දෙනෙක් පැහැ­ර­ගෙන ගොස් ඝාත­නය කිරීම සම්බ­න්ධව ලෝකය කම්පා කළ අව­න­ඩු­වේ­දීය. වර්ෂ 2008 සැප්තැ­ම්බර් 17 දින දෙහි­ව­ලදී මෙම පුද්ග­ල­යන් පැහැර ගන්නේ නේවි සම්පත් නැමැ­ත්තෙ­කුගේ මූලි­ක­ත්ව­යෙන් බව කියැ­වු­ණේය. නැව­තත් නේවි සම්පත් ලෙස හඳුනා ගන්නේ මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් ය.

අන­තු­රුව වර්ෂ 2009 මැයි මාස­යේදී එව­කට නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩ විසින් තම පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රි­යාගේ අප­රා­ධ­කාරී හැසි­රීම සම්බ­න්ධව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර­න්නේය. පැමි­ණිල්ල කරනු ලබන්නේ මේ පුද්ග­ලයා සම්බ­න්ධව නාවික හමු­දාව පාර්ශ්ව­යෙන් පරී­ක්ෂ­ණ­යක් පවත්වා ඔහුගේ පුද්ග­ලික කුටිය මුද්‍රා තැබී­මෙන්    අන­තු­රු­වය. නාවික හමු­දා­ප­ති­ව­ර­යාගේ පැමි­ණිල්ලේ කියැ­වෙන්නේ තම පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා මිනි­සු­න්ගෙන් කප්පම් ගැනීම සඳහා ඔවුන් පැහැ­ර­ගෙන ගොස් මරා දමා ඇති බවය.

මේ වන­විට තවත් සිදු­වී­මක් වාර්තා විය. තරු­ණ­යන් පැහැ­ර­ගැ­නීම සිදු­වන 2008 සැප්තැ­ම්බර් 6 දා වන­තෙක් මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් නමින් සිටි ලුති­නන් කමා­න්ඩර් වරයා 2008. 11. 21 සුබ­සෙත පුව­ත්පතේ දැන්වී­මක් දමා සිය නම මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ ලෙස වෙනස් කර­ගෙන තිබු­ණේය.

පැහැර ගැනීම

නේවි සම්පත් නැමැ­ත්ත­කුගේ මූලි­ක­ත්ව­යෙන් 2008 සැප්තැ­ම්බර් 6 දා දෙහි­ව­ලදී පැහැ­ර­ගත් පුද්ග­ල­යන් පස් දෙනෙක් ඇතුළු 11 දෙනෙක් සම්බ­න්ධව රහස් පොලිස් පරී­ක්ෂණ ආරම්භ වන්නේ එවකට නාවික හමු­දා­ප­ති ­වසන්ත කරන්නාගොඩ ගේ  පැමි­ණිලි ප්‍රකා­ර­වය.

නාවික හමු­දා­පති තම පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රි­යාට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කරන තැන­කට යන්නේ ඔහු කප්පම් ලබා­ගැ­නීම සඳහා මිනි­සුන් පැහැර ගන්නා කල්ලි­ය­කට නාය­ක­ත්වය දෙන බව කරුණු සහි­තව දැන­ග­න්නට ලැබීම නිසා බව කියැ­විණි. ඔහුගේ එම පැමි­ණිල්ල සමඟ ලුති­නන් කමා­න්ඩර් මුණ­සිංහ නාවික හමු­දා­වෙන් පළා යන අතර ඒ සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහුගේ නිල කාම­රය සීල් තබ­න්නේය. 2009 ජූනි 20 වැනි දින එම නිල­ධා­රියා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේය. ඔහු ඉදි­රියේ සීල් තබන ලද නිල කාම­රය විවෘත කොට එය පරී­ක්ෂා­වට ලක් කර­න්නේය. එහිදී පැහැර ගන්නා ලද තරු­ණ­යන් පස්දෙ­නාගේ ගමන් බල­පත්‍ර හා ජාතික හැඳු­නු­ම්පත් 5 සොයා ගන්නේය.

එදා ලුති­නන් කමා­න්ඩර් සම්පත් මුණ­සිං­හව රහස් පොලි­සිය හඳුනා ගත්තේ නේවි සම්පත් නමින් ය. ඔහු අත්අ­ඩං­ගු­වට පත්වූ විට මාධ්‍යය කීවේ නේවි සම්පත් අත්අ­ඩං­ගු­වට පත්වූ බව ය. නේවි සම්පත් යනු මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් හෙවත් මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ බව මාධ්‍ය­යට තහ­වුරු කළේ රහස් පොලි­සිය ය.

නේවි සම්පත් මාරු වීම

නේවි සම්පත් මාරු වන්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නඩ­රාජා රවි­රාජ් ඝාතන සිද්ධියේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට    පත්වී­මත් සමඟ ය. රවි­රාජ් ඝාතන සිද්ධියේ රජයේ සාක්ෂි­කරු ලෙස පෙනී සිටින්නේ එම ඝාතන සිද්ධිය              සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත් වූ ප්‍රීති විරාජ් මන­ම්පේරි ය. ඔහුගේ සාක්ෂියේ කියැ­වුණේ නේවි සම්පත් විසින් රවි­රාජ් ඝාත­නය කළ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි වෙත ත්‍රී රෝද රථ­ය­කින් පැමිණ ඝාතන අවිය ගෙනැ­විත් දුන් බවය. ඒ සාක්ෂිය මත ලුති­නන් කමා­න්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි අත්අ­ඩං­ගු­වට පත්ව­න්නේය. ඔහුට ගිනි අවිය ගෙනත් දුන් නේවි සම්පත් ලෙස අත්අ­ඩං­ගු­වට පත්වන්නේ මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ ය. ඔහුව 2015 මාර්තු මස 13 දා අත්අ­ඩං­ගු­වට ගන්නේය. මාස තුනක් අත්අ­ඩං­ගුවේ පසු­ව­න්නේය. ඒ නේවි සම්පත් ලෙසය.

මේ අතර නිලන්ත සම්පත් මුණ­සිංහ සිය නීති­ඥ­යන් මඟිින් පෙන්වා දෙන්නේ නඩ­රාජා රවි­රාජ් ඝාතන සිද්ධිය දින ඔහු කොළඹ නොසිටි බවය. විශේෂ රාජ­කා­රි­යක් සඳහා කන්ක­ස­න්තු­රය ප්‍රදේ­ශ­යට වාර්තා කර තිබුණු බවය. ඒ අනුව  මුණ­සිංහ ආර­ච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණ­සිංහ චෝද­නා­වෙන් නිද­හස් වන්නේය. නිද­හස්ව එන ඔහු රහස්  පොලි­සි­යට එරෙ­හිව මානව හිමි­කම් කඩ­වීම සම්බ­න්ධව පැමි­ණි­ල්ලක් ගොණු කිරී­මට සූදා­නම් වන විට ප්‍රකා­ශ­යක් කරන ප්‍රීති විරාජ් මන­ම්පේරි තමන් නේවි සම්පත් ලෙස හඳුනා ගත්තේ සම්පත් මුණ­සිංහ නොව චන්දන ප්‍රසාද්            හෙට්ටි­ආ­රච්චි බව කියන්නේ ය.   චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නේවි සම්පත් ලෙස මුලින් ම ප්‍රකාශ වන්නේ ඒ     ආකා­ර­යට ය.

නේවි සම්පත්ගේ කතාව විකාරයක් වූ අයුරු

එහෙත් මේ සාක්ෂිය සම­ස්තය අතා­ර්කික කළේය. ප්‍රීති විරාජ් මන­ම්පේරිගේ මුල් සාක්ෂිය ප්‍රකා­රව රවි­රාජ් ඝාත­න­යට ගිනි අවිය ගෙනත් දී ඇත්තේ නේවි සම්පත් ය. නේවි සම්පත් අවිය ගෙනත් දී තිබුණේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­ර­ච්චිට ය. ඔහුගේ දෙවන සාක්ෂිය අනුව නේවි සම්පත් යනු චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි ය. ඒ අනුව හෙට්ටි­ආ­රච්චි විසින් හෙට්ටි­ආ­ර­ච්චිට ම ගිනි අවිය ගෙනත් දී තිබිණි. මේ පර­ස්ප­රය උසා­වි­යේදී තහ­වුරු වීමත් සමඟ චූදි­තයෝ ඝාතන   චෝද­නා­වෙන් නිද­හස් වූහ. හෙට්ටි­ආ­රච්චි මුල්ව­රට නේවි සම්පත් ව වන්නේ එසේ ය.

දෙවන අව­ස්ථා­වේදී ඔහු නේවි සම්පත් වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙට්ටි­ආ­රච්චි මුදි­ය­න්සේ­ලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­රච්චි නොහොත් නේවි සම්පත් අවශ්‍ය බව කියා පළ කළ ප්‍රසිද්ධ මාධ්‍ය දැන්වීම නිසාය.

“නේවි සම්පත්” සංකේ­ත­යම රටට ගැට­ලු­වක් වූූයේ ඒ ආකාරයටය. එක් නේවි සම්පත් කෙනෙක් ඇතුළේය. අනෙක් නේවි සම්පත් රට පටලවමින් එළියේ ය. තවමත් කට්ටිය වටේ යමිනි. මරා දැමූ සිවිල් වැසියන් 11 දෙනාට තවමත් නිශ්චිත සාධාරණයක් ඉටු වී නැත. එහෙත් ලෝකය මේ තුච්ඡ අපරාධය ලෝකය විසින් නිර්දය ලෙස පිළිකුල් කර ඇත.

ඒ “නේවි සම්පත්“ සංකේතය ස්වකීය රටවල්වල හතර මායිමට වැද්ද ගැනීම තහනම් කිරීමෙනි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් පිපිරුමකින් නුවර කාන්තාවක් මිය යයි!

Next Post

පොලොවේ අවසන් හුස්මපොද බේරාගන්න එළියට බැස්ස පන්නිපිටියේ මිනිස්සු….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.