පන්නිපිටිය බෝගහවත්ත ගම්වාසී මිනිස්සු මහා හඬින් මොර දෙති. මේ නාගරික පරිසරය තුළ තවමත් මේ පොළොවේ සැබෑ උරුමය සංකේතවත් කරන, ස්වභාවික දිය උල්පත්වලින් පෝෂිත රණවකදෙණිය වෙල් යාය බේරාගනීම සඳහාය.
මේ වෙල් යායට ඉතිහාසයක් තිබිණි. ඒ ඉතිහාසය පුරාම මේ කුඹුරු යාය වගා කළේ වැසි ජලයෙනි. ස්වභාවික උල්පත් සහිත තෙත් භූමියක් ලෙස මේ කුඹුරු යාය පැවතිනි. මේ ජල පෝෂිත ප්‍රදේශය තවත් වැදගත් පාරිසරික මෙහෙයක් ඉටු කළේය. ඒ පන්නිපිටිය, රුක්මල්ගම අවට නාගරික පරිසරය මහා වර්ෂා කාලයේ දී යට නොවී තිබුණේ මේ තෙත් බිම් පද්ධතිය නිසාය. උස්බිම්වල රැඳි ජලය ගලා ගිය පුනීල මෝයක් ලෙස මෙම භූමිය පැවතුනේය.
ඒ පාරිසරක වැදගත්කම හඳුනාගත් සැබෑ ගොවීහු මේ කුඹුරුයාය රැක ගැනීමට කැපවන්නේ ප්‍රදේශය නාගරීකරණය වෙත්ම එහි ඉඩම්වල වාණිජ වටිනාකම ඉහළ යෑම සමගය. වර්ෂ 1997 දී පිහිටුවා ගත් විධිමත් ගොවි සමිතියේ පරමාර්ථය මේ තෙත් බිම් පද්ධතිය කෘෂිකර්මාන්තය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම වුවද කුඹුරු ඉඩම් හිමි පුද්ගලයින්ගෙන් කොටසක් ද, දූෂිත අශිෂ්ට රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව දියත් කළ නීති විරෝධී ව්‍යාපෘතියක කොටසක් ලෙස දැන් මේ කුඹුරු තර්ජනයකය. ඊට ප්‍රදේශයේ ජීවත්වන බලවත් පිරිස් ද එක්ව නීතිය අවලමේ යැවීමේ උත්සාහයකය.
ඊට එරෙහිව ගම්වැසියෝ එක් වී සිටිති. කොළඹ හා අවට ජලයෙන් යටවීමේ දුර්විපාකයෙන් මිදීමට තෙත් බිම් අක්කර දහස් ගණනක් අවශ්‍ය වී ඇති වකවානුවක ඉතිරි වී ඇති පහත් බිම් රාජ්‍ය බලය සහිතව ව්‍යසනයට ලක් කරනවිට නීතියේ පිහිට ඉල්ලා එළියට බැස සිටින මිනිස්සු කියන කතාව පහත වීඩියෝවේ දැක්වේ.








නිවැරදිව ජනතාව දැනුවත්කරීම මාධ්‍යෙය් වගකීම. ස්තුතියි.
හරිම ලස්සන සජීවී පරිසර පද්ධතියක්. විවිධ ජීවීන්, ශාක ප්‍රජාව මෙහි වාස භූමිය තනාගෙන සිටින්නෙ එය කියාපෑමට මෙනි. වසර පුරා උතුරා යන සිසිල් උල්පත් දිය සහිත ලිං, ස්වභාවික ගල්පර, ගල්පර අතරින් රිංගා ඉදිරියට ඇදෙන දිය කදුරු , ඒ මත ඔබ මොබ යන දිය නයින් තලගොයින් මීමින්නන්, ඉත්තෑවන් ගුවන සරන විවිධ විහගුන්ට නවාතැන සදන් අනේක වර්ගයයන්ගේ තුරු ගහනයද මනරම් සිතුවමක් මෙනි. එම පරිසරය වනසන්න හිත ඇදෙන කිසියම් දුර්වල සිතුවිල්ල ක් වේද එනසන බුද්ධි ආලෝකය ඔවුන් පහළ වේවා.