ගෑස් පිපිරීමක් නිසා නුවර සිදුවූ පළමු මරණය වාර්තා වූ බව පල්ලෙකැලේ පොලිසිය කියයි.
පසුගිය 01 දා පාන්දර 3.50ට පමණ සිදුවූ මෙම පුපුරා යෑම නිසා අධික ලෙස පිලිස්සුම් තුවාල සහිතව එම නිවසේ ගෘහණිය වූ 51 හැවිරිදි ඩබ්ලියු ප්රියංගනී මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 12හි පුරා දින 10ක් ප්රතිකාර ලබමින් සිටි ඇය ඊයේ රාත්රී 8.50ට පමණ මිය ගොස් ඇති බව පොලිසිය කියයි. මෙම අනතුර සිදුවී ඇත්තේ කුණ්ඩසාල නත්තරම්පොකුණ අංක 177/77 දරන නිවස තුළය. මරණයට පත් කාන්තාවගේ පවුල එම නිවසේ කුලියට ජීවත් වූ පවුලකි.
මේ වනවිටත් දේහය සම්බන්ධ පීසීආර් පරීක්ෂණයට යොමු කර නැති බව ද වාර්තා වේ.