බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයට සෙත් සදන්නට කාබනික ගොවිතැන් කරන උපාධිධාරී ගෙවිලිය….

by editor
ජනවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බාලසූරිය – ගලෙන්බිඳුණුවැව – 

වස විසෙන් තොර වගාව සමාජයේ   දැඩි ව අවධානයට ලක්ව ඇති කාලයක ඒ වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කළ ගෙවිලියක් හුරුළුවැව ප්‍රදේශයේ දී අපට හමු වුණා .

විශේෂත්වය වන්නේ එම ගෙවිලියගේ ගෙවත්තේ අතීතයේ හෙළ රජ බොජුන් සඳහා යොදා ගත් විශේෂ එළවළු සහ පළතුරු ද වගා කර තිබීමයි .  මෙම දේශීය පලතුරු සහ එළවළු වගාව සඳහා කිසිදු ඇය කිසිදු රසායනික පොහොර හෝ තෙල් වර්ගයක් භාවිතා කරලා නෑ. යොදා ගෙන තිබුණෙ කාබනික පොහොර පමණයි.

තවත් සුවිශේෂී කාරණාවක් තියනවා. ඇය උපාධි ධාරිණියක්. වයස අවුරුදු 54ක්… මේ අපූරු ගෙවිලිය සෝමලතා වනසිංහ. ජීවත් වෙන්නෙ ගලෙන්බිදුණුවැව හුරුලුවැව, යකල්ල, මෙගොඩවැව ගමේ.

ඇය තම ගොවිපල අරඹන්න මුල් වූ නිමිත්ත ගැන කියන්නෙ මෙවැනි කතාවක්.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“ මට නිවුන් දූ වරු හිටියා.    එක දුවකට ලියුකේමියාව හැදුනා. ඇයව   මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කළා.    2014-05-17 දුව අප අතරින් වෙන් වෙලා ගියා. ඊට මාස 09ට පමණ පසු එනම් 2015-03-17  මගෙ සැමියා මාවයි දරුවයි දාලා ගියා. ඔහු සේවය කළේ හමුදාවෙ. ජීවිතේ මුලුමනින්ම බිඳවැටුණු මෙහොතක අරමුණුගතව වැඩක යෙදෙන්න අවශ්‍ය වුණා.“

කාබනික ගෙවත්තේ පලදාව…

“ඒ වගේම දුව අප දාලා යන්න කලින් ඇය   රොහලේ ඉන්න කාලය තුළ මා දැක්කේ අලුත ඉපදෙන දරුවගෙ ඉඳන් පිළිකා හැදිලා තියන විදිහ.    ඒ දරු පැටවු රොහලේ ප්‍රතිකාර අතර තුර මිය යමින් හිටියා.    ඒ  අපරාධය වැලැක්වීම වෙනුවෙන් ඉදිරියේදි යමක්  යුතුව ඇතිබව මා සිතුවා. ඒ ඇතිවුණු සිතිවිල්ලත් මා පෙලූ මහා පීඩනයෙන් මිදෙන්නත්  තමයි මේ ගොවිපල පටන් ගත්තේ.“

ඇය කියන්නේ ඒ ආකාරයටයි.

ඒ අනුව ආරම්භ කළ ගෙවත්ත වෙනස් එකක්.  වෙනත් කිසිදු ගෙවත්තකින් දැකිය නොහැකි දේශිය එලවළු පලතුරු දක්නට සෝමලතා   ගේ ගෙවත්තට යා යුතුයි කියන තැනට ඇය ඒ ගොවිපල අපූරුවට කරනවා.  දේශිය බීජ වර්ග රැසක් සංරක්ෂණය කර ගෙන ඇය කරන ගොවිපල අක්කර 05ක්.

මේ වනවිට ඇය සිය දැනුම රටට බෙදා දෙනවා.  දේශිය බීජ ගෙවත්ත නමින් මුහුණුපොතේ පිටුවක් නිර්මාණය කරගෙන  දේශිය බීජ ගෙවතු ලක්ෂයක් නිර්මාණය කිරිමේ අරමුණ ඇතිව ඇය කටයුතු කරනවා.

ඇයගේ ගෙවත්තේ පොලොන් මෑ , හේන් වැටකොළු,   දිග ආලංගා,  රටකජු , කොස් දඹල , කොමඩු ,  පදුරැ අවර ,  මිරිස් (දේශිය) ,    තණ හාල් ,    තමිපලා (රතු කොළ)   ගොරක තක්කාලි,  තිබිබටු, නියන් වැටකොළු,    දේශිය බඩ ඉරිගු,   පුහුල්,  දිග ලබු,  රවුමි ලබු,    දිග කරවිල,  බටු කරවිල,    පිපිඤ්ඤා (තියබරා), වඳුරැ මෑ ,   දේශිය පොල්, බෝන්චි මෑ,   රතු ස්වයංජාත,  ඇත්දල බන්ඩක්කා /රතු බන්ඩක්කා,   කටු එලබටු, කොට දඹල, වර්ෂය පුරා අස්වනු දෙන දිග දඹල,    නිවිති  වැල්,  අවර,  හේන් කැකිරි,    වටිටක්කා,  අසමෝදගම්, රාබු,  වමිබටු,  පතෝල,  යෝධ නිවිති,  ගෝන කරවිල,  ලේන ඉරි බටු,  කලු කවුපි, රතු වැල් දොඩම්,    තුඹ කරවිල, වන්නි මිරිස්, දේශිය දෙලුම්,  අහස් බටු,  පතුරැ බෝංචි, හාල් මැස්සන් දඹල, රතු ගැට අනෝදා යන එලවළු හා පලතුරු එක තැනක දැක ගන්නට නම් ඒ ගොවිපලට යා යුතුයි.

ඇය රටට කියන්නෙ මෙහෙම පණිවිඩයක්… කැමති ඕනෑම අයෙක් ඉන්නවා නම් කියන්න. මගෙ දැනුම සහ අවශ්‍ය බීජ ඒ අයට ලබා දෙන්න කැමතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙසැම්බරයේ උද්ධමනය සියයට 14යි… නොවැම්බරයට වඩා සියයට 2.9ක් නගී….

Next Post

දුරකථන ඇමතුමක් දුන් තරණයෙකුට යුවලක් නිරුවත් කර පහර දීලා..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.