බාලසූරිය – ගලෙන්බිඳුණුවැව –
වස විසෙන් තොර වගාව සමාජයේ දැඩි ව අවධානයට ලක්ව ඇති කාලයක ඒ වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කළ ගෙවිලියක් හුරුළුවැව ප්‍රදේශයේ දී අපට හමු වුණා .
විශේෂත්වය වන්නේ එම ගෙවිලියගේ ගෙවත්තේ අතීතයේ හෙළ රජ බොජුන් සඳහා යොදා ගත් විශේෂ එළවළු සහ පළතුරු ද වගා කර තිබීමයි . මෙම දේශීය පලතුරු සහ එළවළු වගාව සඳහා කිසිදු ඇය කිසිදු රසායනික පොහොර හෝ තෙල් වර්ගයක් භාවිතා කරලා නෑ. යොදා ගෙන තිබුණෙ කාබනික පොහොර පමණයි.
තවත් සුවිශේෂී කාරණාවක් තියනවා. ඇය උපාධි ධාරිණියක්. වයස අවුරුදු 54ක්… මේ අපූරු ගෙවිලිය සෝමලතා වනසිංහ. ජීවත් වෙන්නෙ ගලෙන්බිදුණුවැව හුරුලුවැව, යකල්ල, මෙගොඩවැව ගමේ.
ඇය තම ගොවිපල අරඹන්න මුල් වූ නිමිත්ත ගැන කියන්නෙ මෙවැනි කතාවක්.
“ මට නිවුන් දූ වරු හිටියා. එක දුවකට ලියුකේමියාව හැදුනා. ඇයව මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කළා. 2014-05-17 දුව අප අතරින් වෙන් වෙලා ගියා. ඊට මාස 09ට පමණ පසු එනම් 2015-03-17 මගෙ සැමියා මාවයි දරුවයි දාලා ගියා. ඔහු සේවය කළේ හමුදාවෙ. ජීවිතේ මුලුමනින්ම බිඳවැටුණු මෙහොතක අරමුණුගතව වැඩක යෙදෙන්න අවශ්‍ය වුණා.“
“ඒ වගේම දුව අප දාලා යන්න කලින් ඇය රොහලේ ඉන්න කාලය තුළ මා දැක්කේ අලුත ඉපදෙන දරුවගෙ ඉඳන් පිළිකා හැදිලා තියන විදිහ. ඒ දරු පැටවු රොහලේ ප්‍රතිකාර අතර තුර මිය යමින් හිටියා. ඒ අපරාධය වැලැක්වීම වෙනුවෙන් ඉදිරියේදි යමක් යුතුව ඇතිබව මා සිතුවා. ඒ ඇතිවුණු සිතිවිල්ලත් මා පෙලූ මහා පීඩනයෙන් මිදෙන්නත් තමයි මේ ගොවිපල පටන් ගත්තේ.“
ඇය කියන්නේ ඒ ආකාරයටයි.
ඒ අනුව ආරම්භ කළ ගෙවත්ත වෙනස් එකක්. වෙනත් කිසිදු ගෙවත්තකින් දැකිය නොහැකි දේශිය එලවළු පලතුරු දක්නට සෝමලතා ගේ ගෙවත්තට යා යුතුයි කියන තැනට ඇය ඒ ගොවිපල අපූරුවට කරනවා. දේශිය බීජ වර්ග රැසක් සංරක්ෂණය කර ගෙන ඇය කරන ගොවිපල අක්කර 05ක්.
මේ වනවිට ඇය සිය දැනුම රටට බෙදා දෙනවා. දේශිය බීජ ගෙවත්ත නමින් මුහුණුපොතේ පිටුවක් නිර්මාණය කරගෙන දේශිය බීජ ගෙවතු ලක්ෂයක් නිර්මාණය කිරිමේ අරමුණ ඇතිව ඇය කටයුතු කරනවා.
ඇයගේ ගෙවත්තේ පොලොන් මෑ , හේන් වැටකොළු, දිග ආලංගා, රටකජු , කොස් දඹල , කොමඩු , පදුරැ අවර , මිරිස් (දේශිය) , තණ හාල් , තමිපලා (රතු කොළ) ගොරක තක්කාලි, තිබිබටු, නියන් වැටකොළු, දේශිය බඩ ඉරිගු, පුහුල්, දිග ලබු, රවුමි ලබු, දිග කරවිල, බටු කරවිල, පිපිඤ්ඤා (තියබරා), වඳුරැ මෑ , දේශිය පොල්, බෝන්චි මෑ, රතු ස්වයංජාත, ඇත්දල බන්ඩක්කා /රතු බන්ඩක්කා, කටු එලබටු, කොට දඹල, වර්ෂය පුරා අස්වනු දෙන දිග දඹල, නිවිති වැල්, අවර, හේන් කැකිරි, වටිටක්කා, අසමෝදගම්, රාබු, වමිබටු, පතෝල, යෝධ නිවිති, ගෝන කරවිල, ලේන ඉරි බටු, කලු කවුපි, රතු වැල් දොඩම්, තුඹ කරවිල, වන්නි මිරිස්, දේශිය දෙලුම්, අහස් බටු, පතුරැ බෝංචි, හාල් මැස්සන් දඹල, රතු ගැට අනෝදා යන එලවළු හා පලතුරු එක තැනක දැක ගන්නට නම් ඒ ගොවිපලට යා යුතුයි.
ඇය රටට කියන්නෙ මෙහෙම පණිවිඩයක්… කැමති ඕනෑම අයෙක් ඉන්නවා නම් කියන්න. මගෙ දැනුම සහ අවශ්‍ය බීජ ඒ අයට ලබා දෙන්න කැමතියි.