කීර්ති ප්‍රනාන්දු –
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 201 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 38 කින් ද අඩු කර තිබේ.
එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4409 ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1770 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 822 දක්වාද පහළ වැටී ඇත.







