පාර්ලිමේන්තුවට පනතක් රැගෙන විත් එය සම්මත කර නීතියත් බවට පත් කරගැනීමට මාස දෙක හමාරකටත් වැඩි කාලයක් ගතවන බවත් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධණය සඳහා ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත අනුමත වී නීතියක් බවට පත්වන විට මේ මැතිවරණයත් අවසන් වී තිබෙනුඇති බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු පැවසුවේ මෙසේය. ,
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ දීර්ඝ ක්‍රියාවලියක් තියනවා. ඒක අමාත්‍ය මණ්ඩල උපදේශක කාරක සභාවට යන්න තියනවා.“
“ඊට පස්සේ ඒ පිළිබඳව යමෙක් අධිකරණයට යනවා නම් සති දෙකක කාලයක් තියනවා. අධිකරණයට ඒ සම්බන්ධව තීන්දුවක් දෙන්න සති තුනක කාලයක් තියනවා.“
“ඒ අනුව ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සම්මත කරගන්න අපට අවම වශයෙන් මාස දෙකක දෙක හමාරක කාල සීමාවක් ගත වෙනවා.“
“ඒක නීතියක් බවට පත් වෙන්නෙ මේ පාර්ලිමේන්තුවෙ සම්මත කරලා කතා නායකතුමා අත්සන් කළ දිනයේ පටන්. “
“මේ ක්‍රියාවලිය අපට මාස දෙක හමාරක් තුනක් යනකම් කරගන්න ලැබෙන්නෙ නෑ තියන ක්‍රමවේදය අනුව. “
“ඒ වගේම ස්ථාවර නියෝග අනුවත් අපි කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. මේ නීතිය හදනකොට මෙම මැතිවරණය ඉවරවෙලා තියේවි. “
මේ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා අධිකරණ ඇමතිවරයාගෙන් විමසුවේ පළාත් පාලන ඡන්දය පවත්වා මාර්තු 20 දා වනවිට නිමා කරනවා ද නැද්ද යන්න ස්ථිර ප්‍රකාශයක් කරන ලෙසය.
ඒ අවස්ථාවේ දී අධිකරණ ඇමතිවරයා කීවේ 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන එම බලය පූර්ණ ලෙසම මැතිවරණ කොමිසමට භාර දී ඇති බවත් එයට ඇඟිලි ගැසීමට පාර්ලිමේන්තුවට හෝ ඉඩක් නැති බවය.
රජයක් ලෙස මැතිවරණ කොමිසමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන බව ඇමතිවරයා කීවේය.