සන්ඩේ ලීඩර් නිර්මාතෘ සහ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ 14 වැනි අනුස්මරණය අද (ජනවාරි 08)ට යෙදී ඇත.
ඔහු මිහිදන් කළ බොරැල්ල කනත්ත සුසාන භූමියේ ඔහුගේ සොහොන් බිමේදී ඔහු සැමරීමේ චාම් උත්සවයක් අද උදෑසන පැවැත්වුණු අතර ඊට ඔහුගේ සමීපතයෝ පිරිසක් පැමිණ සිටියහ.

මෙරට විමර්ශනාත්මක මාධ්‍යකරණයේ යෙදුණු සුවිශේෂි පුවත් පතක් වූ ද සන්ඩේ ලීඩර් පුවත්පත කරුණු කාරණා සහිතව සිදු කළ නිර්දය විවේචන දේශපාලන ලෝකය තුළ ද මහත් ආන්දෝලනයට ලක්වූයේ. ඔහු එම විවේචනවලට ලක්වූ දේශපාලකයන්ගේ ද්වේෂයටද බඳුන් විය.
2009 වසරේ ජනවාරි 08 වැනිදා සිය නිවසේ සිට කාර්යාලයට එන අතරතුර දී යතුරු පැදියකින් පැමිණි කළු පැහැ ඇඳගත් පුද්ලගලයන් දෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා තිබුණු අතර එහිදී ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඔහු කළුබෝවිල රෝහලේදී මිය ගියේය.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය විය. ඒ අනුව ඔහුගේ ඝාතනයෙන් කෙටි කලක් තුළ මෙම මරණයට කොළඹ ට්‍රිපොලි යුධ හමුදා කඳවුරේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය වූ අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳවද විමර්ශනවලින් අනාවරණය විය.

ඊට අදාළ විමර්ශන ක්‍රියාදාමය ඉතා මන්දගාමීව සිදුවූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය ඇතුළු ආණ්ඩු හතරක් මේ වනවිට පත්ව ඇතත් තවමත් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වී නැත.
කෙතරම් බලපෑම් සහගත මාධ්‍යකරණයක නියැලුනත් ඔහු වෙනුවෙන් සියලු මාධ්‍ය, දේශපාලකයන් කතා කළත් මෙම විමර්ශන යුක්තිය පසිඳලීමේ කෙළවරක් දක්වා ගමන් නොකිරීම ශ්‍රි ලංකාවේ “හැටි“ ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බවට පත්ව තිබේ.









