ලංගම බස් රථ ධාවනයට බාධා පමුණුවන පෞද්ගලික බස් රථ සේවකයින් හෝ රියදුරන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ඊයේ රාත්‍රියේ වැඩිවූ ඩීසල් හා පෙට්‍රල් මිල ගනන් සම්බන්ධයෙන් අද මෙලෙස විරෝධතාවයක් දැක්විය යුතු නැති බවද අමාත්‍යවරයා කියයි. පෞද්ගලික බස් රථ සඳහා මේ වනවිට සහන ලබාදී ඇති බැවින් ධාවනයට විරුද්ධත්වය ඇති කවුරුන් හෝ ධාවනයෙන් ඉවත් වී සිටීම ගැටලුවක් නැති බවද ඇමතිවරයා කියා සිටියි.
ලංගම බස් නිසි ආකාරව ධාවනය විය යුතු බවටත් ඒ සම්බන්ධව ඩිපෝ ධාවන කළමනාකාරවරු ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.







