ෂෞකට් ඛානම් නම් රෝහලක අරමුදලක් සදහා ලබාදුන් මුදල් අගමැති ඉම්රාන් ඛාන් නායකත්වය දරන පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් දේශපාලන කටයුතුවලට යොදාගෙන ඇති බවට කරැණු හෙළිවෙමින් ඇතැයි ද නිවුස් වාර්තාවක දැක්වේ.
එම පුවත්පත විසින් සිදුකරන ලද ගවේෂණාත්මක වාර්තාවක සදහන් වන්නේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් එම පක්ෂ අරමුදලට ඩොලර් මිලියන 0.46ක් පරිත්‍යාග කළ බව දක්වමින් ඉදිරිපත් කළ තනි පුද්ගල පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තුවක සදහන් පුද්ගලයන් අතරින් සියයට 35 ක් තමන් අදාළ පක්ෂයට කිසිදු පරිත්‍යාගයක් නොකළ බව සදහන් කර ඇති බවයි.
තමන් ෂොකට් ඛානම් රෝහල සදහා පරිත්‍යාග කළ බවත් එය මෙම දේශපාලන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් ඔවුන් එහිදී සදහන් කර තිබේ.
අදාළ ලැයිස්තුවේ සදහන් නම් අතරින් පක්ෂ අරමුදලට මුදල් පරිත්‍යාග කළ බව පිළිගෙන ඇත්තේ සියයට 27ක් පමණක් බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.







