චීනයේ හැන්ග්ෂූහි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා වන ෂූ ජියෑන්යෝ පක්ෂයෙන් නෙරපා හැර තිබේ.
චීන අන්තර්ජාල වාණිජ කේන්ද්‍රස්ථානයක් වන හැන්ග්ෂූහි පුද්ගලික සමාගම් අවිධිමත් ලෙස ව්‍යාප්ත කරමින් පක්ෂයට ද්‍රෝහී වූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය කටයුතු පිළිබද මධ්‍යම කොමිසම විසින් ඔහුට එරෙහිව දූෂණ විමර්ශනයක් පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ කරනු ලැබූ අතර ඊට සමගාමීව ඔහු දැරෑ තනතුරැවලින් ද ඉවත් කරනු ලැබිණ.
රාජ්‍ය රූපවාහිනීයක ෂූ ජියෑන්යෝගේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වැඩසටහන් මාලවක් ද ප්‍රදර්ශනය කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇති අතර ඔහුට එරෙහිව නඩු පැවරීමට ද නියමිත බව පැවසේ









