බන්ධනාගාරවල රිමාන්ඩ් භාරයේ සිටින රැදවූවන්ගේ තදබදය වහාම අඩු කිරීමේ අරමුණින් නීති කිහිපයක් වෙනුවෙන් ඇප දීම සඳහා නීතිපති දප්පුල ද ලිවෙරා මහතා පොලිස්පතිවරයාට නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
කොවිඩ්- 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රැඳවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත.