රජය සතු ප්‍රධාන පෙළේ ව්‍යාපාර හතරක් මුලින්ම පෞද්ගලීකරණය කිරීම සඳහා ඉදිරිපත් වූ ගනුදෙනු උපදේශක ආයතන අතරින් කිහිපයක් මේ වනවිට තෝරා ගෙන ඇත. ඒ අනුව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම, හිල්ටන් හෝටලය හිමි හොටෙල් ඩිපලොපර්ස් සමාගම සහ ග්‍රෑන්ඩ් හයට් හෝටලය අයත් කැන්විල් හෝල්ඩිංග්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලීකරණය කිරීමට අදාළව මෙම ගනුදෙනු සහ කොටස් හුවමාරු සිදු කිරීමේ උපදේශකවරුන් තෝරා ගෙන ඇතැයි ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත පත වාර්තා කරයි.
මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකිරීමේ ඒකකය යටතේ ඇති කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද ඉල්ලීමට අනුව මෙවැනි උපදේශකවරුන් ගණනාවක් අදාළ ව්‍යාපාර පෞද්ගලික අංශයට හුවමාරු කිරීම සදහා සම්බන්ධ වීමේ කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඉහත ව්‍යාපාර හතර ට අදාලව මේ වනවිට සමාගම් කිහිපයක් තෝරා ගෙන ඇත.
මෙම පුවත් වාර්තාවට අනුව ඒෂියා සිකියුරිටීස්, එන්.ඩී.බී, කැපිටල් එලයන්ස්, ප්ලැටිනම්, ඩිලොයිට්, සහ ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් යන සමාගම් උපදේශකයන් ලෙස තෝරාගෙන ඇත.







