පසුගිය සතියේ ඛේදනීය සිදුවීමකට මුහුණ දුන් කළුතර පාසල් සිසුවිය අධ්‍යාපනය ලැබූ කළුතර බාලිකා විද්‍යාලය ඉදිරිපිට අද (19 ) උදේ දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව ඇතැයි වාර්තා වේ..
එයට හේතුව වී ඇත්තේ අදාල පාසලේ විදුහල්පතිනියට වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති ස්ථාන මාරුවක් බව දැනගන්නට ඇත.
මොවුන් මෙසේ උද්ඝෝෂණයක නිරතව ඇත්තේ විදුහල්පතිනිය මාරු කිරීමට විරුද්ධව වන අතර මෙම මාරු කිරීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බැව් ඔවුන් පවසා තිබේ.
අමේ අතර එහි ඇතැම් දෙමව්පියන් පවසන්නේ ප්‍රදේශයේ පොහොට්ටු දේශපාලනඥයකුගේ හයියෙන් රැඳී සිටින විදුහල්පතිනිය නිසා පාසලේ විනය මෑතක සිට කඩා වැටී ඇති බවය.







