රජයේ නිලධාරීන්ට වර්ෂ 2023 සඳහා රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවිමට මහා භාණ්ඩාගාරය එකඟ වී තිබේ.
සියලුම ස්ථිර තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් සහ අත්තිකාරම් ගෙවන දිනට පූර්වාවසානයේ තුන් මසකට නොඅඩු කාලයක අඛණ්ඩ සේවාවක් සහිත නිලධාරීන් මේ සඳහා සුදුසුකම් ලබයි.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම අත්තිකාරම් ගෙවිමට අදාල උපදෙස් ලබා දී තිබේ.
ජනවාරි 01 දිනෙන් ආරම්භ කර පෙබරවාරි 28 දිනෙන් අත්තිකාරම් ගෙවීම අවසන් කරන ලෙස දැනුම් දී ඇති එම චක්‍රලේඛයෙහි පෙබරවාරි 28 දිනෙන් පසුව ගෙවීම් නොකරන ලෙසත්, 2023 වර්ෂය තුළ දී එම මුදල් නැවත අය කර අවසන් කරන ලෙසත් දක්වා ඇත.
තාවකාලික හෝ අනියම් නිලධාරීන් සඳහා අත්තිකාරම් ගෙවන්නේ නම් රජයේ ස්ථිර නිලධාරියෙක් ඇපකරුවෙක් ලෙස ඇප සහතිකයට අත්සන් කිරීමට සිදුවෙයි.
එසේම 1977 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ලබාගත් යම් විශේෂ බැංකු ණය හෝ විශේෂ අත්තිකාරම් මුදල් කොටස් ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින්ට මෙම අත්තිකාරම් මුදල් සඳහා හිමිකම් නොමැත.
ආයතන සංග්‍රහයේ xxiv වැනි පරිච්ඡේදය යටතේ ගෙවනු ලබන ණය හෝ අත්තිකාරම්වලට අමතරව මෙම අත්තිකාරම් මුදල ගෙවනු ලබයි.
මෙම අත්තිකාරම් මුදල් අයකර ගැනීමේ දී රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිනුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් සමග මිශ්‍රකර නොගන්න ලෙස ද වැඩිදුරටත් දැනුම් දී තිබේ









