පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ නිල විදේශ සංචාර සඳහා සාමාන්‍ය පන්තියේ ගමන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, රජයේ අරමුදල් උපරිම ලෙස භාවිතා කිරීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම නව නියෝගය නිකුත් කර ඇත.
එම නියෝගය 2023 මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන අතර, මෙම කාරණයට අදාළව පෙර ඇති සියලුම චක්‍රලේඛ සහ උපදෙස් ප්‍රතිස්ථාපනය වේ.
නව නියෝග ප්‍රකාරව අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ආර්ථික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමෙන් නිදහස් කර ඇත.
කෙසේ වෙතත්, නිලධාරියෙකුට ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට අවශ්‍ය නම්, ආර්ථික සහ ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍රය අතර අන්තරය ගෙවමින් ඔවුන්ගේම වියදමින් එය කළ හැකිය.
ප්‍රමාණවත් සාධාරණීකරණයක් මත පදනම්ව, මෙම රීතියට ව්‍යතිරේක සඳහා පූර්ව අනුමැතිය අවශ්‍ය බව නියෝගයේ සඳහන් වේ.
“රජයේ මුදල් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යෙදවීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම සහතික කිරීම ජනාධිපතිවරයාගේ මේ නියෝගයේ අරමුණයි. ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර භාවිතය සීමා කිරීමෙන් රජයට සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගත හැකියි. ඒ වගේම නිල අවශ්‍යතා සඳහා නිලධාරීන්ට ගමන් කිරීමට අවස්ථාවත් ඉන් සැලසෙනවා. පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත සංවිධානවල ප්‍රධානීන් ඇතුළුව නියෝගයේ විෂය පථයට අයත් සියලුම අදාළ ආයතන සහ සංවිධාන නව ප්‍රතිපාදනවලට අනුකූල වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. රීතියට ව්‍යතිරේකයක් සඳහා ප්‍රමාණවත් සාධාරණීකරණයක් ඇතැයි විශ්වාස කරන්නේ නම් පූර්ව අනුමැතිය ලබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.” ජනාධිපති මාධය අංශය පැවසුවේය.