අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවත්වීමට සූදානම් කර තිබූ පොහොට්ටුවේ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කර තිබේ.
අද (23) පස්වරුවේ පොදුජන පෙරමුණේ ඉහළ සාමාජිකයින් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
මෙම රැස්වීම සංවිධානය කිරීමේ මූලික වගකීම දැරූ එස්.එම්. චන්ද්‍රසේන පැවසුවේ මෙම කල් තැබීම තාවකාලිකව ගත් තීරණයක් බවය.
ජන රැළිය මාර්තු මාසයේ දෙවැනි සතියේ පැවැත්වීමට සූදානම් කර ඇති බව ද ඔහු කීවේය.