බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරි පීඩනය දරාගන්න බැරිලු… දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පිට පළාත්වලට මාරුවීම් ඉල්ලලා…

by editor
මැයි 25, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසයට අයත් උසස් පොලිස් නිලධාරින් 50% කට ආසන්න ප්‍රමාණයක් කොට්ඨාසයෙන් පිටස්තර දිවයිනේ වෙනත් පොලිස් කොට්ඨාස සදහා ස්ථාන මාරුවීම් ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපි යොමුකර තිබෙන බව පොලිස් මූලස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සියළු ලිපි පෞද්ගලික ඉල්ලීම් ලෙස පොලිස් මූලස්ථානයට යොමුකර ඇතත් දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසයේ රාජකාරී කිරීමේදී ඇතිව තිබෙන දැඩි මානසික පීඩනය හා ඔරොත්තු නොදෙන රාජකාරී පැවරුම් හේතුවෙන් යොමුකර තිබෙන බව දකුණු පළාතේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරයි.

දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් මානසික ආතතියක් හා පීඩනයක් නොමැතිව රාජකාරී කරන බවට ඔවුන්ගේ අත්සනින් යුතු ලිපි දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් මේ දිනවල ලබා ගනිමින් සිටින බවද දකුණේ පොලිස් නිලධාරින් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙයට පෙරද දකුණු පළාත තුළ සිදුවන අපරාධ මර්දනය කිරීමට 2020 සිට 2025 දක්වා තම පොලිස් බල ප්‍රදේශයන් තුළ සිදු වූ බල අපරාධ සියල්ල අදාල පොලිස් ප්‍රධානීන් මතකයේ තබා ගතයුතු බවත් විමසන ඕනෑම අවස්ථාවකදී එම තොරතුරු කටපාඩමින් ඉදිරිපත් කිරීමට හැකිවිය යුතු බවත් දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබුණි.

මෙම වසර 05 තුළ ඒ ඒ පොලිස් බල ප්‍රදේශයන්හි සිදු වූ බල අපරාධ, එම අපරාධ සිදු වූ දිනය, ඒවායේ පැමිණිලිකරුවන් හා සැකකරුවන් මෙන්ම අපරාධයේ ස්වභාවය ආදී සියළු තොරතුරු මතකයේ තබාගත යුතු බවද ජ්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් දැනුම් දී තිබුණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම කටයුත්ත ප්‍රායෝගික නොවන බවට දකුණේ පොලිස් ප්‍රධානීන් විසින් කරන ලද හෙලිදරව් කිරීම් වලට අදාල තොරතුරු පුවත්පත් වල සහ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීම හේතුවෙන් කටපාඩම් කිරීමේ කටයුත්ත සහ කරුණු ඉදිරිපත් කිරීමේ රැස්වීම් අවලංගු කිරීමට දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පියවර ගෙන තිබුණි.

2025 මැයි 15 සහ 16 දිනයන්හි ගාල්ල, ඇල්පිටිය, මාතර හා තංගල්ල යන ජේෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසවල නිලධාරින් කැඳවා කරන ලද මෙම දැනුම් දීම 20 දින වට්ස්ඇප් පනිවුඩයක් යොමු කරමින් අවලංගු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළේය.

නමුත් මෙම ක්‍රියාවලිය නැවත වතාවක් වෙනත් මුහුණුවරකින් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවත් එම පීඩනය හේතුවෙන් දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් මෙසේ ස්ථාන මාරු ඉල්ලා සිටින බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

රාජකාරී කිරීමේ ගැටලු පෙන්වා දෙමින් ස්ථාන මාරු ඉල්ලන්නේ හෙ‍රොයින් ජාවාරමට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් බවට දකුණේ පොලිස් ප්‍රධානියෙක් මෑතකදි කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන්ද තමන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවත් මේ හේතුවෙන් වෙනත් ප්‍රදේශවලදී තමන් කුඩු කාරයින්ගේ මුදල් වලින් යැපෙන්නන් බවට මතයක් තහවුරු වෙමින් තිබෙන බවත් ස්ථාන මාරු ඉල්ලා සිටින පොලිස් ප්‍රධානීන්ගේ මතය වි තිබේ.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසය ගාල්ල, ඇල්පිටිය, මාතර හා තංගල්ල යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාස 04 කින් සමන්විතය. මෙම කොට්ඨාස 04 තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් 04 ක් පොලිස් අධිකාරීන් 04 ක් සහකාර පොලිස් අධිකාරීන් 15 ක් රාජකාරී කරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසය තුළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකු පොලිස් ස්ථාන 44 ක් යටතේ රාජකාරියේ නිරත වි සිටිති.

මෙතරම් විශාල උසස් පොලිස් නිලධාරීන් ප්‍රමාණයකගෙන් සැලකිය යුතු පිරිසක් එකවර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසයෙන් පිටතට ස්ථානමාරුවීම් ඉල්ලීම ලෙහෙසියෙන් බැහැර කල නොහැකි බවද පෙලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කතරගම වාසනා හස්තියාගේ දකුණු දළයෙන් කොටසක් කැඩී යයි.

Next Post

ජාතික ජන බලවේගය අක්මීන ප්‍රාදේශිය සභාවට නව සභාපති උප සභාපති ඇතුළු මන්ත්‍රී කණ්ඩායම නම් කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.