ලලිත් චාමින්ද –
ජාතික ජනබලවේගය විසින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස මස්සල හේවගේ සුගත් ආනන්ද සහ උප සභාපතිවරයා වශයෙන් මොරවකගේ ඔෂාන් රන්දික පෙරේරා පත්කිරිමට තින්දුකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.
සභාපතිවරයා උපසභාපතිවරයා මෙන්ම ප්‍රාදේශිය සභාවට තේරිපත්වු සභිකයින්ගේ නාම ලේඛන ගැසට් කිරිම සදහා ජාතික ජනබලවේගය විසින් මැතිවරණ කොමිසම් සභාව වෙත යොමුකොට ඇති බවද හෙතෙම පවසයි.
මස්සල හේවගේ සුගත් ආනන්ද මෙවර පළාත් පාලන මැතිවරණයේදි හියාරේ නැගෙනහිර කොට්ඨාසයෙන් තරගකොට ජයග්‍රහණය කරණු ලැබිය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 922කි. ඡන්ද ප්‍රතිශතය සියයට 50.0කි.
සුගත් ආනන්ද අක්මිමන ප්‍ර දේශිය සභාව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි. උප සභාපතිධුරය සදහා නම්කොට සිටින ඔෂාන් රන්දික පෙරේරා පින්නදුව කොට්ඨාසයෙන් ඡන්ද 1365ක් සහ සියයට 55.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන එම කොට්ඨාසයෙන් ප්‍රාදේශිය සභාවට තේරිපත්විය.
අක්මිමන ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා , උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රි කණ්ඩායම මෙම මස 02 වැනිදින අක්මිමන ප්‍රාදේශිය සභා කාර්යාලයේ දි වැඩභාරගැනිමට නියමිතව ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 16ක් දිනාගත් අතර සමගි ජනබලවේගයට දිනා ගැනිමට හැකිවුයේ මන්ත්‍රිධුර 05ක් පමණි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් දිනාගත් අතර ස්වාධීන කණ්ඩායම 02 මන්ත්‍රිධුර 02ක් දිනා ගනු ලැබිය. සර්වජනබලය හා ස්වාධීන කණ්ඩායම් 03 එක් මන්ත්‍රිධුරය බැගින් හිමිකරගනු ලැබීය.







