අනුර චේන්ජ් එකකක් මිස සිස්ටම් චේන්ජ් එකක් වී නැති බවත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිය ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කරගත් රුපියල් ට්‍රිලියන 1.4ක මුදල අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද වෙන් කරගෙන තිබෙන බවත් අද අතුරු සම්මත ගිනුම සඳහා පැවැත්වෙන විවාදයේ දී සමගි ජන බලවේග මන්ත්‍රි කබීර් හෂීම් විසින් පැවසුවේය.
ඔහු පැවසුවේ චොපර්වල යමින්, අධි සුඛෝපභෝගී වාහනවල යමින් දැඩි නාස්තිකාරී ජිවිතයක් ගත කරන රනිල් වික්‍රමසිංහගේ වියදම් අධික බව යැයි ද තමන් ජනාධිපතිවරයා වූ පසු එම වියදම් කපා හරින බව යැයිද කී කබීර් හෂීම් ඒ කියූ කතා යථාර්ථයක් වී නැති බව කීවේය.
ඔහු මෙසේ පැවසුවේය.
“ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධව අතුරු සම්මත ගිනුමේ පේන වෙනසක් නෑ. 2024 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ජනවාරි සිට අප්‍රේල් දක්වා වියදම් කරලා තියෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4ක්. 2025 අනුර කුමාර දිසානාක ජනාධිපතිවරයාට ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරකට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන් කරලා තියනවා. මේ අතුරු සම්මත ගිනුමෙන්. ”
“මොකක්ද වෙනස. සිස්ටම් එක චේන්ජ් නෑ. අනුර චේන්ජ්. මේ ගැන පැහැදිලි කරන්න.” කබීර් හෂීම් කීවේය.







