රත්තරන් අලේප කළ ආන්දෝලනාත්මක T56 ගිනි අවිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැයි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ දී අත් අඩංගුවට ගත් ගිනි අවිය සහිත කාන්තාවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරද්දී ආනාවරණය වූ තොරතුරු මත දුමින්ද දිසානායක අත් අඩංගුවට පත් වන්නේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක සිටියදී ය.
මේ ලිපියත් කියවන්න…







