බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වගකීම පැවරුන 25 හැවිරිදි යෞවනයා…

by editor
මැයි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මෙතෙක් ඉන්දියාවේ සිටි ලාබාලම ටේස්ට් ක්‍රිකට් නායකයා මන්සූර් අලි ඛාන් පටොඩිය. පටෝඩි නායකත්වයට පත් වන්නේ වයස අවුරුදු 21නි. 1941 වසරේ ජනවාරි 5දා උපන් පටෝඩි දැන් ජීවතුන් අතර නැත. වයස අවුරුදු 70 දී ඔහු දිවි සැරියෙන් සමුගත්තේය. පටොඩි ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළේ 1961 සහ 1975 වකවානුවේය.

පාටෝඩි ගැන මේ කතාව ලීවේ පටෝඩිගෙන් පසු ඉන්දියානු ජාතික කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති ලාබාලම ක්‍රීඩකයා ගැන කියන්නටය. ඔහු ශුබ්මන් ගිල්ය. ඉන්දීය ක්‍රිකට් විසින් ඉන්දීය ක්‍රිකට්වල ජාතික කණ්ඩායම් නායකයා ලෙස නම් කර ඇති ශුබ්මන් ගිල් දැන් 25 හැවිරිදිය. ශුබ්මන් ගිල් ඉන්දියාවේ 37 වැනි ටෙස්ට් නායකයා ය.

 යෞවනයෙකුට නායකත්වය දුන්නේ ඇයි?

ශුබ්මන් ගිල් මේ දක්වා කිසි විටෙකත් ටෙස්ට් තරඟ හෝ එක්දින තරඟ සඳහා ඉන්දියාව වෙනුවෙන් නායකත්වය දී නැත. නමුත් විස්සයි20 ජාත්‍යාන්තර තරඟ පහකදී ඔහු ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇත. ඒ සියල්ල 2024 මැද භාගයේදී ය. සිම්බාබ්වේ සංචාරයේදී ඔහු ජාතික කණ්ඩායමට නායකත්වය දුන්නේය. පෙර විස්සයි20 ලෝක කුසලානයේදී ඉන්දියාවේ ජයග්‍රහණයෙන් පසු මුල් පෙළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මග හැරුණු කණ්ඩායමක නායකයා ලෙස ඔහු නම් කරනු ලැබීය.

ඉන්දියානු ටෙස්ට් උපනායකයා ද අනාගත සුබ ලකුණු පෙන්වන යෞවනයකි. ඔහු රිෂාබ් පාන්ට්ය. මේ වනවිට ඔවුන් දෙදෙනා ප්‍රමුඛ 18 දෙනෙකුගෙන් යුතු සංචිතය ඉන්දීය ක්‍රිකට් තේරුම් කමිටුව විසින් නම් කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජුනි 20 වන දින එංගලන්තයේ ආරම්භ වන ටෙස්ට් තරග පහකින් යුත් තරගාවලිය සඳහා තරග වදින මෙම ඉන්දීය යෞවනයන්ගේ කණ්ඩායමට රෝහිත් ෂර්මා නැත. විරාට් කෝලි නැත. 2025-27 ලෝක ටෙස්ට් ශූරතා තරග චක්‍රයේ මුල්ම තරග 05ට මේ ආකාරයෙන් ඉන්දියාව මුහුන දෙන්නේය. එය ඉන්දීය කණ්ඩායමේ දැවැන්ත සංක්‍රාන්තියකි. එංගලන්තයේ සිදුවන්නේ ගිනි ගන්නා සුළු ප්‍රවේශයකට නව නායකයා සමග යොවුන් කණ්ඩායම මුහුණ දීමය‍.

තවම ටෙස්ට් තරග 32ක් සඳහා පමණක් මුහුණ දී ඇති මේ මේ යෞවනයා මුල්ම ටෙස්ට් තරගය 2020-21 දී ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු සංචාරයට එක් වෙමින් ක්‍රීඩා කළේය. ගිල් එංගලන්තයේ දී තමන් මුහුණ දෙන මුල්ම පූර්ණ තරගාවලිය මෙයය. .

ශුබ්මන් ගිල් වැනි යෞවනයෙක් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස පත් කරන්නට ඉන්දියාවේ ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ ඇයි?. මාධ්‍ය අද උදේ මේ සම්බන්ධව ඉන්දීය ඉන්දියානු තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කර්ගෙන් ප්‍රශ්න කළේය.

ඉන්දියානු තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කර් අද (24) තේරීම් රැස්වීමෙන් ටික වෙලාවකට පසු මුම්බායි හි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශුබ්මන් ගිල් තෝරා ගැනීමේ තීරණය සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.

“පසුගිය වසර පුරාවට අපි ශුබ්මන් දෙස බැලුවා. අපි ඩ්‍රෙසින් රූම් එකෙන් ද තොරතුරු ගත්තා. අපි නිවැරදි පුද්ගලයා තෝරාගෙන ඇති බවට අපි බලාපොරොත්තු වෙනවා.” ඔහු ප්‍රකාශ කර තිබිණි.

ඉන්දියාවේ අනාගත ක්‍රිකට් ගැන විමසන විට අගාර්කර් පැවසුවේ ” අප සංචාර එකක් හෝ දෙකක් සඳහා නායකයින් තෝරා ගන්නේ නැහැ,” විශේෂයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ චක්‍රය මත පදනම්වයි අපි අදාල සැලසුම් හදන්නේ . ”

“පසුගිය වසර හෝ දෙක තුළ අපි ගිල්ගේ යම් ප්‍රගතියක් දැක තිබෙනවා. එංගලන්තයේ ටෙස්ට් තරඟ පහක් ඔහුට ඉතා දුෂ්කර වනු ඇති. සමහර විට ඔහුට මේ වගකීම දරන අතර අලුතින් ඉගෙන ගැනීමට සිදුවනු ඇත. නමුත් අපි ඉතා විශ්වාසයෙන් ඔහු දෙස බලන් ඉන්නවා. නව චක්‍රයක් සහ යමක් ගොඩනඟා ගැනීමට අවස්ථාවක් දැන් වෙනත් කෙනෙකුට ලැබී තිබෙනවා.”

බුම්රාට නායකත්වය නොදීමට හේතු…

ඔස්ට්‍රේලියාවේ පැවති බෝඩර්-ගවස්කාර් කුසලාන තරගාවලියේ දී ඉන්දියාවේ උප නායකයා ලෙසත් සහ රෝහිත් ෂර්මා මඟ හැරුණු ටෙස්ට් තරග දෙකටත් නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨයා ලෙසත් ජස්පිට් බුම්රාට නායකත්වය නොදීමට තීරණය කර ඇත්තේ ඔහුට පුද්ගලිකවම දරා ගැනීමට සිදුවන වැඩ ප්‍රමාණයේ බර කලමනාකරණය කරගැනීමට ඔහුට අවස්ථාව සලසමින් බව තේරීම් කමිටුව දන්වා තිබේ.

“ඔහු මත අමතර බරක් පටවනවාට වඩා බුම්රා බුම්රා මෙන් හොඳින් පන්දු යැවනවා දකින්න අපි කැමතියි. අපි ඔහු සමඟ කතා කළා. ඔහු ඒ තත්ත්වය පිළිගත්තා. අප ඒ තීන්දුව ගන්නේ ඔහුට නායකත්වය දැරීමට ඇති සුදුසුකම ගැන ප්‍රශ්නයක් නිසා නොවෙයි. ඒ ඔහුගේ වැඩ බර කළමනාකරණය කරගෙන ක්‍රීඩකයෙකු ලෙස ඔහු යෝග්‍ය කර ගැනීමේ අපේක්ෂාව සහිතවයි.”

පාන්ට්ගේ උසස්වීම ගැන අගාර්කර් පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ පාන්ට් ඉන්දියාවේ හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක් බවය.

“ඔහු ඔහුට ඇති සියලුම අත්දැකීම් සමඟ ගිල්ට උදව් කරනු ඇති. මේ මොහොතේ, මේ දෙදෙනා කණ්ඩායම ඉදිරියට ගෙන යනු ඇතැයි අප හිතනවා .”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්තරන් T56 – දුමින්ද දිසානායක 29 දා තෙක් රිමාන්ඩ්…

Next Post

අද දවසේ රිය අනතුරු ශේෂ පත්‍රය – මරණ 03යි… තුවාල කරුවන් 36යි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.