සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අර්බුදය විසඳන්න ජාතික ජනබලවේගය බල ගන්වන හැටි අනුර කියයි!  

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සම්ප්‍රදායික බල හුවමාරුවෙන් ඔබ්බට ගොස්  බිඳවැටුණු මව්බිම ගොඩනැගීමට සමත් ප්‍රතිපත්තිමය වෙනසක්  වෙනුවෙන්   ජනතාව පෙළ ගස්වීමේ වගකීම ජාතික ජන බලවේගය වෙත පැවරෙන බවත් එම වගකීම ගෞරවණීයව පවරා ගන්නා බවත්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.  ජාතික ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව  දැනුම්වත් කිරීමේ අභිලාෂයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී  ජ.වි.ජෙ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

අපේ ඉතිහාසයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය මුහුණදී සිටිනවා.  දැන් ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට වඩා ප්‍රශ්නවලින් ගොඩ ඒම සඳහා විසඳුමක්. සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂා කළ පිළිතුරු වර්තමානයේ අපේක්‍ෂා කරන්නේ නැහැ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ලක්වී තිබෙනවා හා සමානවම එක්සත් ජාතික පක්‍ෂය හා එයින් කැඩී ගිය කණ්ඩායමත් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ජනතාව නව විසඳුම් මාවතක් කෙරෙහි පෙළගැසෙමින් සිටිනවා. සාම්ප්‍රදායික බල හුවමාරුව වෙනුවට අලුත් පන්නයේ බල හුවමාරුවක් ගැන සියලු දෙනා විශාල පිපාසයකින් පෙළෙනවා. වංචා-දූෂණවලින් තොර,  වංචාකරුවන්ගේ දේපළ පවාගෙන දඬුවම් ලබාදෙන, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කර සාමකාමී රාජ්‍යයක් ගොඩනැගීමේ පිපාසයකින් පොදු ජනතාව පෙළෙනවා. මෙතෙක් අප රටේ තිබුණේ එක් පක්‍ෂයක් ප්‍රතික්‍ෂේප වන විට අනෙක් පක්‍ෂය බදා වැළඳ ගන්න ඉතිහාසයක්.

අලුත් පාලක, අර්බුදයට විසඳුම් දෙන, බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ බලවේගය වන්නට ජාතික ජන බලවේගය සූදානම්. සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් සහ ඔළුගෙඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළගැසෙනවා. බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ සහ බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ අභියෝගය බාරගන්න අපි සූදානම්.

නීතිඥ සංගම්, ඉංජිනේරුවන්, කෘෂි විද්‍යාඥයන්, ග්‍රාමීය ජනතාව, වෘත්තීය සංගම්, එක් කරගෙන අපි දීර්ඝව සාකච්ඡා කළා. මේ රට ගොඩනැගීම එක් එක් පුද්ගලයාගේ තනි තනි අභිලාෂයක් නොවේ. මේ රටේ යහපත් වෙනස්වීමක් අපේක්‍ෂා කරන බලවේග එක තැනකට කැඳවිය යුතුයි. ඒ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය.

මෙතෙක් සිදුකරන ලද සංවාදයන් තුළින් වැඩපිළිවෙළක් සහ එම කණ්ඩායම එළිදැක්වීම මූලික පරමාර්ථය කරගෙන  ජාතික ජන බලවේගය ලෙස අපි නියෝජිත සමුළුව එළඹෙන 20වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

සෞඛ්‍ය හේතුන් මත සියලු දෙනාටම ආරාධනා කරන්න නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඒ ඒ ක්‍ෂේත්‍රවලින් හඳුනා ගත් නියෝජිත කණ්ඩායම් කැඳවා මේ සමුළුව පවත්වනවා. ජනවාරි මාසයේදී දිස්ත්‍රික් මට්ටමින් නායකත්ව මණ්ඩල හඳුන්වා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා.

මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඉහළින් එකතු වෙන කණ්ඩයම්වලට විතරක් බැහැ. ලක්‍ෂ ගණන් එකට පෙළගැස්සුවොත් විතරයි මේ අභියෝගය ජයගත හැකි වන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වගේම ග්‍රාමීය, නාගරික සහ සියලු ක්‍ෂේත්‍රවල සිටින ජනතාව එක මධ්‍යස්ථානයකට අපි කැඳවනවා. නාගරික වශයෙන් පමණක් නොවෙයි ග්‍රමීය වශයෙන් ජනතාව බලගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ජනතාවත් එක්ක සංවාදයේ යෙදීම, අදහස් හුවමාරු කර ගැනීම තුළින් විශාල මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ දක්වා ගමන් කළ විනාශකාරී මාවත වෙනුවට විසඳුම් සෙවීමේ මාවතට අපි ජනතාව කැඳවනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම සළකා බලයි…

Next Post

රටේ ගංගා 103නේ වතුර වහ කරන  තැන්  10737 ක්… කැලණි ගඟේ පමණක් 1474ක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.