දිවයිනපුරා ගංඟා 103ක් පිහිටා තිබෙන අතර එම ගංඟා අපිරිසිදුවන ස්ථානයන් 10737ක් පවතින බව පරිසර ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි
කැළණි ගඟ පමණක් අපිරිසිදු වන ස්ථානයන් 1474ක් පවතින බවත් පසුගියදා අනාවරණය කර ගැනිමට හැකි වුණේ යැයි ඇමතිවරයා පෙන්වාදේ.
කර්මාන්තශාලා, හෝටල් සහ නිවාසවල වැසිකිලිවලින් නිකුත් කරන මළ අපද්‍රව්‍ය හා විෂ රසායනික්යන් හේතුවෙන් කැළණි ගඟ විශාල වශයෙන් අපවිත්‍රවන බවත් මුහුදට අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කරන ගංඟාවක් බවට මේ වන විට කැලණි ගඟ පත්ව ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා ගංඟා 103ම නඩත්තු කිරිමට වඩා කැළණි ගඟ පිරිසිදු කිරිම කඩිනම් කිරිම ඉතාමත් වැදගත් යැයි සඳහන් කළේය.
පානීය ජලය ලබා දෙන ප්‍රධානමතම ගංඟාවක් වන බැවින් කැළණි ගඟ පීරිසිදු කිරීම කඩිනම් කරන බවද පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග එක්ව කැළණි ගඟ ආශ්‍රිතව පරිසර හිතකාමී ආදර්ශවත් ගම්මාන නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවද පරිසර ඇමතිවරයා සඳහන් කරයි







