සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට දෛනිකව අවශ්‍ය බිත්තර ලක්ෂ 60 රට තුළ නිශ්පාදනය වෙනවා… මිල පාලනය කරන්න අතරමැදි මාෆියාකරුවන් පාලනය කරන්න… බිත්තර නිශ්පාදකයෝ රජයට කියති!

by editor
මාර්තු 6, 2024
in පුවත්

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රටේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය බිත්තර ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වන මොහොතක මිල පාලනය කිරීමට යැයි පවසමින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමෙන් රට තුළ බිත්තර නිෂ්පාදනය විනාශ වී එහි ප්‍රතිවිපාක ඉදිරි කාලයේදී අත්විඳින්නට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්.  සරත් රත්නායක   පවසයි  .

බිත්තර මිල ඉහළ දමන්නේ බිත්තර නිෂ්පාදකයින් නොව නිෂ්පාදකයින්  සහ වෙළඳුන් යයි කියාගන්නා මාෆියා  කරුවන් පිරිසක් බවත්  එය පාලනය නොකර බිත්තර ආනයනය කිරීම සහ පාලන මිලක් දැමීම  අනවශ්‍ය ක්‍රියාවක් බවත් ඔහු අවධාරණය කළේය  .

දිනකට රට තුළ පරිභෝජනයට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ලක්ෂ 60 ක් පමණ වන බවත් එම ලක්ෂ 60 ඉක්මවා බිත්තර නිෂ්පාදනය මේ වෙන විට සිදුවන බැවින්  එළඹෙන සිංහල අවුරුදු සමයේ කිසිදු හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය දේශීය බිත්තර ලබා දීමට හැකි බවද  ඔහු පවසයි  .

බිත්තර ආනයනය ඉතා භයානක තත්ත්වයක් බව පෙන්වා දෙන සභාපතිවරයා බිත්තර ගොවියන් කර්මාන්තයෙන් ඉවත්වීම තුළින් රට තුළ බිත්තර නිෂ්පාදනය විඳවැටි අනාගතයේදී රටේ ජනතාවට අවශ්‍ය බිත්තර සදහටම ආනයනය කිරීමට සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි  .

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ දිනවල රටේ කිසිදු පළාතක බිත්තර හිඟයක් ඇතිවී නැති බවත් මේ වන විට රුපියල් 55 ට පමණ පහළ බැස ඇති දේශීය බිත්තරයක මිල ඉදිරි සති දෙකෙන් පසු රුපියල්  50  වඩා අඩුවන බවද පැවසීය  .

පසුගිය දිනවල රට තුළ  මිල ඉහළ ගිය එලවලු, මස් ,මාළු ,මිලද පහත වැටෙමින් තිබීම නිසා බිත්තර මිලද පහත බැසීම වැළැක්විය නොහැකි බවත් ගැසට් ගැසීම සහ බිත්තර ආනයනය බසිමින් ඇති බිත්තර මිලට බාධාවක් බව ද ඔහු කීවේය.

රට තුළ බිත්තර මිල ඉහළ දමන බිත්තර මාෆියාවට විසඳුම් ලබා නොදීම අද වන විට සුළු හා මධ්‍යපරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට ගැටලුවක් වී ඇතැයිද දුරදිග නොබලා බිත්තර ආනයනය කිරීම තුළින් රජය බිත්තර මිල පාලනයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය කිසිදු පලක් නොවනු ඇති බවත් සිදුවන්නේ නඟා සිටුවිය යුතු  දේශීය බිත්තර නිෂ්පාදනය විනාශ කර අනාගත පරපුරටද බිත්තර ආනයනයකර කන්නට සිදුවීමක් බවද    පැවසීය.

එසේම කොළඹට වී  බිත්තර ආනයනය කිරීම හා ගැසට් ගැසීම කරන ඇමතිවරුන් මෙන්ම නිලධාරීන් රට තුළ විශාල බිත්තර නිෂ්පාදනයක් සිදු කරන වයඹ පළාතට පැමිණ විශාල ලෙස සිදුවන බිත්තර නිෂ්පාදනය දෙස ඇස් ඇර බැලිය යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියාවේ සහ යුරෝපය යා කළ පෙකෙණිවැල රතු මුහුදේ දී සුන් වෙයි…

Next Post

රොනී ගේ දෙවුන්දර නිවසට හොරු පනී!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.