බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටක් ගොඩනැගීමට ජනවරමක් සහිත ආණ්ඩුවක් මෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයයි… නව විධායක ජනාධිපති අනුර පවසයි!

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණයක් අතුරුදහන් වී තිබිය දී පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම සඳහා තීන්දුවක් පවා ගෙන තිබිය දී මෙම ජනාධිපතිවරණය පැවැත්වීමම ජයග්‍රහණයක් බව නව විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් වුන අනුර කුමාර දිසානායක මැතිවරණ කොමිසම අමතමින් කළ සිය මංගල කතාවේදී ප්‍රකාශ කළේය.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට ස්තුති කළ අනුර කුමාර දිසානායක මැතිවරණයට අදාල නීති සංශෝධනය කිරීමට සංවාදයක් ඇති කර එය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව සමූහ වගකීමක් බවය. ඒ සඳහා ප්‍රවේශය ගන්නා බවත් ඔහු කීවේය.

“මේ වෙලාව අපේ රට පැති ගණනකින් අස්ථාවර වෙලා තියෙන්නේ. අපි හැමදාම විශ්වාස කළා මේ කඩා වැටී තිබෙන රට ගොඩ නැගීම සිදුකළ හැක්කේ නිශ්චිත ජනවමක් සහිත පාලනයකට විතරයි කියලා. ජනතාව තමයි ඕනෑම පාලනයකට සත්‍ය සහ මගපෙන්වීම ලබා දෙන්නේ.

අපි දන්නවා ජනතාව ලබා දුන් ජනවරම විකෘති වීමකට ලක් වෙලා තිබුණා. පාර්ලිමේන්තුව තුළත් එය පිටතත් අපි දැක්කේ ඒ විකෘතිය. මේ රට ඉදිරියට ගෙන යන්න ස්ථාවර ජන වරමක් යළි අවශ්‍යයයි. ඒ හා සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.” ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු පැවසුවේ ප්‍රචන්ඩත්වය අවම මැතිවරණයක් සඳහා සියලුම දේශපාලන පක්ෂ සහ ආධාර කරුවන් එක්වීමම සැලකිය යුතු ජයග්‍රහණයක් ලෙස සලකිය යුතු බවය. මැතිවරණයක් තුළ කිසිම පුරවැසියෙක් මිය යා යුතු නැති බවත් පීඩාවට පත් විය යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.
.
අපේ රටේ බොහෝ දේ වෙනස් විය යුතු බවත් වෙනස හුදකලා සිද්ධියක් නොකර එය ස්ථාවර කරගැනීමෙන් එය තහවුරු කරගැනිම කළයුතු බවත් ඔහු කීවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඔහු පැවසුවේ බෙදීම් ගණනාවකට මුහුණ දී ඇති මේ සමාජයේ බෙදීම් සමනය කරගත යුතු බවය. එය පක්ෂයකට හුදකලාව කළ නොහැකි බවත් දේශපාලන ව්‍යාපාර වෙන් වශයෙන් පවතින්නේ ඒ වෙනස්කම් පවතින නිසා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. නමුත් පියවරෙන් පියවර සාකච්ඡා කරමින් එකඟවිය හැකි දේ සමග එකඟ වෙමින් එකඟවිය නොහැකි දේ ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යන දේශපාලන සංවාදයක් රටට අවශ්‍ය බවය.

එමෙන්ම රටක් පවතින්නේ නීති අණපනත් මත පමණක් නොව, සම්මුති බැඳීම් සහ වගවීම් මත බව ද ඔහු පැවසුවේය. රටට අවශ්‍ය යහපත් දේශපාලන සංස්කෘතියක් බව කී අනුර දිසානායක ජනාධිපතිවරයා එය නිර්මාණය කිරීමට එක් වන ලෙස දේශපාලන ව්‍යාපාරවලට ආරාධනා කළේය.

ජනතාව තමන් පිළිබඳ තැබූ විශ්වාසය ආක්ෂා කරන අතරම තමන්ට ඡන්දය දුන් නුදුන් සියලුම පාර්ශව ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස එක් කරගෙන රට ගොඩනැගීමේ ව්‍යාපාරය වගකීමෙන් මෙහෙයවන බව පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 09 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කරයි…

Next Post

මේ රට ගොඩනැගීම ජයග්‍රාහී පාර්ශවයට පමණක් තනිව කළ නොහැකියි… ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් පිටතත් උදව් කරනවා…. සජිත් අනුරට පවසයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.