අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට යන්නේ ඒකාධිපති ගමනක්… ඔබව වහලුන් කරන්න දෙන්න එපා… විරුද්ධ විය යුතු තැන විරුද්ධ වෙන්න…

මානව හිමිකම් සැසිවාරය  මුව විට තබාගෙන මේ කරන අවකෙළි නිසා නැවත වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවටමයි! සිරිල් ගාමිණි පියතුමා...

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

අදහස් ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රට මූලික අයිතිවාසිකමක් බවත්, පුරවැසියන් ප්‍රකාශ කළ යුත්තේ  රජයට අවශ්‍ය කරන දේ පමණක් නම්  රජය සතුටු කරන පමණක් නම්    එහි ඇත්තේ වහල් භාවය මිස නිදහස නොවන බව සිරිල් ගාමිණි පියතුමෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කතෝලික සිවිල් ක්‍රියාකාරිකයෙක් වූ ශෙහාන් මාලක ගමගේ  අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධව  කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ අප්‍රසාදය සහ කම්පනය පල කිරීමටත් උන්වහන්සේ ඇතුළු කතෝලික සභාවේ මතය පල කිරීමටත් අද කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි. මෙම සිදුවීම් දෙකම කතොලික සභාව ලෙස නිර්දය ලෙස හෙළා දකින බව ද සිරිල් ගාමිණි පියතුමෝ කීහ.

මෙහිදී සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළේ  මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය මුවවිටෙහි තබාගෙන රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් බිය සැක නැතිව උල්ලංඝණය කරමින් ඒකාධිපති අන්තයක් කරා යන්නට උත්සාහ කරන මේ ගමනේ දී යළිත් ලෝකය හමුවේ රටක් ලෙස දුර්මුඛ වී  පීඩාවට පත්වන්නට සිදුවන්නේ පුරවැසියන්ට බවය.

ජනමාධ්‍ය සාකච්ඡාව අමතමින් සිරිල් ගාමිණී හිමියෝ මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“කතෝලික  සිවිල් ක්‍රියාධරයෙක් වූ  ශෙහාන් මාලක ගමගේ සහෝදරයාව ඉතාම හදිසියෙ අද (14) සවස  අත්අඩංගුවට ගත්තා.  අද පාන්දර මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රමගෙ නිවසට  මැර ප්‍රහාරයක් එල්ල කළා.  මේ සිදුවීම් දෙක  සම්බන්ධවම  තමන්ගේ කම්පනය අප්‍රසාදය පල කරන්න කියලා කාදිනල් හිමිපාණන් දැනුම් දුන්නා. මේ මාධ්‍ය හමුවේ දි ප්‍රකාශ වන්නේ එතුමා ප්‍රධාන කාතෝලික සභාවේ අදහසයි.

ශෙහාන් මාලක ගමගේ  කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ට යුක්තිය සහ සාධරණත්වය   වෙනුවෙන්  හඬු නැගීම.  කතා කිරීම.

මේ යුක්තිය පමා වීම  සම්බන්ධව අප සැම දෙනාටම  විවේචනයක් තියනවා.  පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභා පිළිබද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව හැමදෙනාට වගේම    කතෝලික සභාවටත් විවේචනයක් තියනවා. ඔහු කතෝලිකයෙක් ලෙස ඒ වෙනුවෙන් තමයි හඬ නැගුවේ.

ඔහුව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දිහා බැලුවම සුදු වෑන් සංස්කෘතිය නැවත සමාජයට ඇතුළුවෙලා තියන කියන සැකය ඇතිවෙනවා.

සුදු වෑන් එකෙන් ඇවිත් පාර මැද්දෙදි  සීඅයිඩී කියා ගන්න‍ පිරිසක්  ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නවා. මේ සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත් අනුමත කරන්න බෑ

ප්‍රජාතන්ත්‍රවාදී රට ඇතුළෙ අපට භාෂණයේ  සහ ප්‍රකාශනයේ නිදහස තියනවා.  ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්.  පුරවැසියන් ලෙස. තමන්ගේ  අදහස් මත ප්‍රකාශ කරන්නත්,  රජයක්  විවේචනය කරන්නත්  ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන අයිතිවාසිකමක්.

මේ අයිතිවාසිකමට තමයි මේ තර්ජනය එල්ල වෙලා තියෙන්නෙ.  මේ රට තමන්ගෙ  අදහස් නිදහසේ විවෘතව ප්‍රකාශ කරන්න ඒ වගේම රජය විවේචනය කරන්න පුලුවන්කමක් නැති එහෙම විවේචනය කළොත් අත්අඩංගුවට ගන්න රඳවාගෙන තබා ගන්නා සංස්කෘතියක් සහිත රටක් වෙලා තියනවා.

එහෙනම්  මේ රටේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට ලක්වෙලා තියනවා කියලා අපට තේරෙනවා.

අද දවසේම අපට ආරංචි වුණා මාධ්‍යවේදියෙක් වුණු චමුදිතට ප්‍රහාරයක් එල්ලවීම. මේ ප්‍රහාරය එල්ල වුනේ කාගෙන්ද කියලා අපි දන්නෙ නෑ. නමුත් ඔහුට මේ ප්‍රහාරය එල්ල වුනේ මාධ්‍යවේදියෙක්‍ ලෙස යම් යම් දේවල් හෙළිදරව් කරපු නිසා. මාධ්‍යකරුවෙකුට මාධ්‍ය හැසිරවීමට නිදහසක්  තිබිය යුතුයි. භාෂණය සහ ප්‍රකාශනයේ තියන නිදහස ඇතුළෙ තියන මූලික දෙයක් තමයි මාධ්‍ය නිදහස කියලා කියන්නේ.

පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කරන්න නම් සමාජය තුළ හරියටම මොනවද වෙන්නෙ කියලා පුරවැසියන් දැනගන්න ඕන. ඒක දැනගන්න ඕන මාධ්‍ය ඔස්සෙ‍.  මාධ්‍ය නිදහස සීමා වුනාම මාධ්‍යයට තර්ජන එල්ල වෙන්න ගත්තාම පුරවැසියාට රටේ සිදුවන දේ ගැන තොරතුරු දැනගන්න තිබෙන අයිතිය නැතිවෙලා යනවා.

මේ අයිතිය කප්පාදු වුනාම නැතිවුනාම සිද්ධ වෙන්නෙ කෙනෙකුට තමන්ගෙ මතය ප්‍රකාශ කිරීමේ නිදහසත් නැතිවෙලා යෑමයි. රජයට අවශ්‍ය කරන දේ විතරනම් පුරවැසියන් ප්‍රකාශ කරන්න ඕන, රජය සතුටු කරන දේ විතර නම් පුරවැසියන් ප්‍රකාශ කරන්න ඕන, එහි තියන වහල් භාවය මිසක් නිදහස නෙමෙයි.

ඒ නිසා අපි මේ සිද්ධීන් දෙකම නිර්දය ලෙස හෙළා දකිනවා.  ශෙහාන් මාලකව අත්අඩංගුවට ගැනීම අපි හෙළා දකිනවා. ඒ වගේම  චමුදිතගෙ නිවසට එල්ලවුන ප්‍රහාරය ගැනත් අපි හෙළා දකිනවා.

දිගින් දිගටම අප කියන්නෙ ෂෙහාන් මාලක කියපු දේමයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරන්න කියලා. ඒක කරන්න ඕන නීතිපති තුමා ඇතුලු අදාල ආයතන.  රජයේ යුතුමක් තියනවා දේශපාලන බලපෑම්වලින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවෙන්න ඉඩ හරින්න.

ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නෙ  මිනිසුන්ගේ හිතේ තියන වේදනාව මිනිස්සුන්ගෙ හිතේ තියන අප්‍රසාදය වළක්වන්න ලැබෙන්නෙ නෑ. මේ රට ඒකාධිපති වාදයකට රැගෙන යනවා දැයි  අපට   සැකයක්  සහ බයක් තිබෙනවා.    ප්‍රජාතන්ත්‍රවාදය අහුරලා විනාශ කරලා මිනිස් අයිතිවාසිකම් නැති කරලා තමන්ට ඕන දේ කරන්න පුලුවන් වටපිටාවක් හදලා  මේ රට ඒකාධිපති රටක් බවට පත් කිරීමේ වෑයමක් මේක ඇතුලෙ තියනවා ද කියන සැකය අපට ඇති වෙනවා..

ඒ නිසා අපි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ නිදහස මේ අයිතිවාසිකම්  මේ රටේ ආරක්ෂා වෙන්න අවශ්‍යයයි. ඒවා  නැතිවන හැම තැනකදිම නැතිවෙන අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමටත් අවශ්‍යයයි.    ඒවා වෙනුවෙන් කතා කිරීමත් අවශ්‍යයි.

එහෙම නැතිවුනොත් අපි හැම දෙනෙකුටම මේ රටේ ජීවත් වෙන්න වෙන්නෙ වහලුන් හැටියට මිසක් නිදහස් පුරවාසියන් හැටියට නෙමෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන බෝම්බ සිද්ධිය… වෛද්‍යවරයා තවත් දින 14ක් රිමාන්ඩ්!

Next Post

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව හෙට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.