නිමන්ති රණසිංහ –
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි පිළියන්දල පදිංචි වෛද්‍යවරයා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (14) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙම සිද්ධියෙ තුන්වෙනි සැකකාර පිළියන්දල පදිංචි ෂර්ලි දයානන්ද හේරත් නමැති වෛද්‍යවරයාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ලංකාදීප –







