ඉදිරියේ දි මේ රට භාරගත හැකි නායකත්වයක් පෙනෙන්නේ එක් අවස්ථාවක පමණක් බවත් ඒ තමන් කණ්ඩියක් ඉදිරියට ගිය විට පමණක් බවත් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහ යනු අතිශයින්ම අකාර්යක්ෂම අදක්ෂ ණයට අරන් කමින් එදා වේල ටුවර්ස් ගහනා පුද්ගලයෙක් බවය.
ඔහුට මේ රට කවදාවත් ගොඩනගන්නට බැරි බව කී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදක්ෂ බුද්ධිමත් නොවන පුද්ගලයෙකුට ජනාධිපතිවරණයක් අවස්ථාවක දී කිසිම සහයෝගයක් ලබා නොදෙන බව පැවසුවේය.
විශේෂත්වය වන්නේ රට ගොඩනැගීමට ඇති එකම සුදුස්සා තමා බව කී නමුත් ඔහු සමගි ජන බලවේගයේ නායකයා මෙන්ම විපක්ෂ නායකවරයා වූ සජිත් ප්‍රේමදාස ගැන කිසිම සඳහනක් නොකිරීමය.
එමෙන්ම නිසි ආරක්ෂක ඇගයීමක් කර ආරක්ෂාව මත පදනම්ව ඉඩම් නිදහස් කිරීමේ කටයුත්ත රජයක් ලෙස ගත යුතු තීන්දුවක් විනා දේශපාලකයින්ගෙන් උපදෙස් ලබා ගත යුතු කටයුත්තක් නොවන බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා උතුරු නැගෙනහිර ඡන්දවලට ඇති කෑදරකම හේතුවෙන් ජනාධිපතිවරයාත් ඔහුගේ පාලනයත් සිදුකරන්නේ නිවට බියගුලු ක්‍රියාවක් බව ද පෙන්වා දුන්නේය.







