පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසයි.
මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඇය කියයි.
අක්ෂර දෝශ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා තහවුරු කරගැනීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදුකිරීමට නියමිතව ඇත.
පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදුකෙරෙන බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසයි.
දෙරණ –







