බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

දිඹුලාගල නවමිල්ලාන වෙල්යායට අද (03) අලුයම කඩාවැදුණු අටදෙනෙකුගෙන් පමණ යුත් වන අලි රංචුවක් එම යායේ අක්කර 750 කට ආසන්න පැළ ගොයම පාගා විනාශ කර ඇති බව නවමිල්ලාන ගොවි සංවිධාන නියෝජිතවරු සදහන් කරති.

සෝමාවතිය සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් පැමිණ දිඹුලාගල ඉද්ද පිච්ච වැව ඉස්මත්තේ සහ දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ පහලොස්දෙනෙකුගෙන් පමණ යුත් වන අලි රංචුවෙන් නිරන්තරයෙන්ම සැරි සරන බවත්,  තම ගොවි සංවිධාන සාමාජිකයන්ගේ ගෙවතු වලට සහ කුඹුරුවලට පැන දැඩි හානි සිදු කරන බවත් සරණ බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති අමිල චාමින්ද විජේරත්න   සඳහන් කළේය.

විනාස කළ කෙසෙල් වගාවක්…

ගම්මානයට සහ කුඹුරු යායට කඩාවැදුණු එම වන අලි රංචුව අක්කර දෙකහමාරකින් පමණ යුත් කෙසෙල් වගාවක් සහ ගම්මානයෙ පොල් ගස් හතළිහකට පමණ හානි සිදුකර ඇති බවද ගොවීහු සඳහන් කරති.

මේ පිළිබඳව වනජීවී නිලධාරීන් කොතෙක් දැනුවත් කර ඔවුන්ට වාහනවල පැමිණීමට ඉන්ධන නොමැති බව පවසමින් තම ප්‍රශ්න හා ගැටලු වලින් මගහරිමින් වන අලි පලවා හැරීමට නොපැමිණෙන බව දිඹුලාගල නව මිල්ලාන සරණ සහ සමනල බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපතිවරුන් සහ ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.

දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ දිවා මෙන්ම රාත්‍රී කාලයේ සැරිසරන මෙම වන අලි රංචුව හේතුවෙන් තම දරුවන්ගේ මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්ව තිබෙන අතර තමන් කන කර   උගසට තබා වෙහෙස මහන්සියෙන් වගා කරගත් කුඹුරුවල පැළ ගොයම් මේ අයුරින් විනාශ වීමෙන් පසු තමන් කළ යුත්තේ කුමක්දැයි විමසන මේ ගොවීන් පවසන්නේ  නැවත ඒවා සකසා ගැනීමට ආර්ථික මට්ටමක් තමන්ට නොමැති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොල් ගස් හතළිහකට පමණ හානි

තම ගම්මානය සහ වෙල්යාය වන අලින්ගෙන් ආරක්ෂා කිරිමට දිඹුලාගල නවමිල්ලාන ප්‍රදේශයේ තමන් විසින් ඉදිකරන ලද විදුලි වැටද කඩා විනාශ කර ඇති බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ සිදුවන   අලි මිනිස් ගැටුම අවම කිරීමටත් දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ සැරිසරන වන අලි රංචුව පලවාහැරීමට වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුකර ලෙසත් නවමිල්ලාන ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව අප වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ නිලධාරීන්ගේ හිගය මෙන්ම අලි වෙඩි ලැබීමේ අඩුවක් ද ඇති බවය.

සෑම ගමක්ම ආවරණය කිරීමට තමන්ට ඉන්ධන පහසුකම්ද නොමැති නිසා වන අලි තර්ජනය උග්‍ර වී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානකුලම් පොලිස් අවි ගබඩාවෙන් පතරොම් 1421ක් අතුරුදහන්… ඇතුළෙම වැඩක් බවට සැකයක්!

Next Post

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.