යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත රජයේ හැසිරීම සහ රජයේ ප්‍රතිපත්ති පිළිබඳව සිදුවන මහජන විවාදය යටපත් කිරීමටභාවිතා කිරීමේ අවදානමක් ඇතැයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු පැතිරීම පාලනය කිරීම මතුකරමින් ඉදිරිපත් කරන මෙම පනත් කෙටුම්පතින් අදහස් ප්‍රකාශ කිරීමේ, සහ තොරතුරු දැනගැනීමේ නිදහසට පහරක් එල්ලවනු ඇති බවය.
අසත්‍ය සහ වෛරී ප්‍රකාශන ප්‍රචාණය වැලැක්වීම පිළිබඳ විවාදයක් නොමැති බව පවසන කොමිසම ශ්‍රී ලංකාවේ යෝජිත පනත් කෙටුම්පතෙහි ගැඹුරු දෝෂ පවතින බව පෙන්වා දෙයි.
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ නීති සහ ප්‍රතිපත්ති අධ්යක්ෂ ඉයන් සීඩර්මන් පැවසුවේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමට, ශ්‍රී ලංකා රජය අඛණ්ඩව අපොහොසත් වී ඇති පසුබිමක මෙවැනි පනතක් හරාහා බලය අවභාවිතා වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය.
මේ සම්බන්ධව ජාත්‍යාන්තර නීතිවේදීන්ගේ කොමිසම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
https://www.icj.org/sri-lanka-proposed-online-safety-bill-would-be-an-assault-on-freedom-of-expression-opinion-and-information/







