දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් පීඩාවට පත් වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස විදේශ ආධාර යටතේ වසර අටක සිට ක්‍රියාත්මක වන පොල් ලෙලි කැබලි කරණ හා පොල් කොහු නිෂ්පාදිත කම්හලකට ඊයේ (09) ගිනි ඇවිලීමෙන් අසරණ කාන්තාවන් 120කට පමණ තමන්ගේ එකම ආදායම් මාර්ගය අහිමි වී තිබේ. 
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි මෙම කම්හලට ගිනි ඇවිලීමෙන් සිදුවී ඇති මුල්‍යමය පාඩුව රුපියල් කෝටි තුනක් පමණ බවත් පොල් ලෙලි හා පොල් කොහු ආශ්‍රිත භාණ්ඩ නිපදවීම මෙම කර්මාන්ත ශාලාවෙන් සිදු වී ඇති බවත් පැවසේ.
හදිසියේම කර්මාන්ත ශාලාව ගිනි ගැනීමත් සමගම මුලතිව් පළාතේ සියලුම ගිනි නිවන ඒකක පැමිණ ගින්න නිවා දැමීමට උත්සහ කොට ඇතත් දඩි අව් රශ්මිය නිසා ගින්නෙන් මුලු කර්මාන්ත ශාලාවම හා එහි තිබූ යන්ත්‍ර විනාශ වී ගොස් තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර විශ්වමඩු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.








