-
“මේ කල්ලිය පරිපාලනයේ තියාගෙන ක්‍රිකට් හදන්න බෑ… නීති වෙනස් කර නව ක්‍රිකට් පරිපාලනයක් ඇති කල යුතුයි…” ජනපති ක්‍රිකට් අනු කමිටු සභාපති, විදේශ ඇමති අලි සබ්රි විදග්ධ වෘත්තිකයෙක් සේ ප්‍රශ්නය ස්ඵර්ෂ කරයි…
රටේ අපේක්ෂාව 1996 සිට 2015 දක්වා ක්‍රීඩා කළ ක්‍රිකට් සන්නාමය යළි ගෙන ඒම බවත් ඒ සඳහා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම බලකොටුවක් ලෙස පවත්වාගෙන යමින් සිටින කණ්ඩායම ඉවත් කර නව ක්‍රිකට් පරිපාලනයක් බිහි කිරීම සඳහා නව නීති සම්පාදනය කර නව ක්‍රිකට් පරිපාලනයක් පිහිටුවන බවත් ක්‍රිකට් සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත් කළ කැබිනට් අනු කමිටුවේ සභාපති, විදේශ ඇමති අලි සබ්රි ලෝකයට ප්‍රකාශ කළේය.
මින් පෙර පාර්ලිමේන්තුවේ දී ද අලි සබ්රි ඇමතිවරයා කළ මෙම ප්‍රකාශය ඔහු යළිත් සිදුකරන්නේ රොයිටර් පුවත් සේවය සමග කළ සාකච්ඡාවක් අතරය.
එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
කාලයක් පුරා ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ එක්තරා කණ්ඩායමක් විසින්. ඔවුන් සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම ඔවුනගේ බලකොටුවක් ලෙස පවත්වාගෙන කටයුතු කළා. උදාහරණයක් වශයෙන් මිලියන 22ක් වූ ජනතාව අතුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඡන්ද 147ක් තියනවා. ඉන්දියාවේ බිලියන 1.5ක් ජනතාවකට ඇත්තේ ඡන්ද 38 යි. මහා බ්‍රිතාන්‍යයේ මිලියන 60කට ආසන්න ජනතාවක් ඉන්නවා. ඡන්ද ඇත්තේ 18යි.
ඔබට පෙනෙනවා ඇති මෙතන යම් කිසි ආකාරයට වැරැද්දක් තියන බව. නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් විමසුවහොත් ඔවුන් කිසිවිටෙකත් කිසි දෙයක් කරන්නෙ නෑ.
මම හිතන්නේ දැන් නීති හඳුන්වා දෙමින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට කාලය පැමිණ තිබෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට, තාක්ෂණික නිලධාරීන්ට මෙන්ම විවිධ ක්‍රිකට් සමාජ සහ කණ්ඩායම් එක්ව නව පරිපාලනයක් හරහා මෙය පවත්වා ගැනීමට එක් විය යුතුයි.
එවිට එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියොජනයය කරමින් සිටින පුද්ගලයින්ට ගත හැකි ප්‍රතිපත්තිමය තිරණ පමණයි. ඔවුන් පත් කරන විධායක නිලධාරියෙක් හරහා මෙම ආයතනය පවත්වාගෙන යා යුතුයි. මට හිතෙන්නේ සමස්ථ පරිපාලනයම නැවත සකස් කිරීම අනිවාර්ය කටයුත්තක්.
ජනපති විසින් පත් කල කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකුගෙන් යුතු කමිටුවේ ප්‍රධානියා ලෙස මා කටයුතු කරනවා. අප විසින් නිර්දේශයන් ඇතුළත් පිටු 44ක දිගු වාර්තාවක් ලබා දුන්නා. ඒ අනුව නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් නිර්මාණය කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නව නීති ගෙන ආ යුතුයි. අප සියලු දෙනාටම අවශ්‍යයි 1996 සිට 2015 දක්වා ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය නැවත දකින්න. ඒ කාලය තුළ අප සියලු ලෝක කුසලානවල අවසන් වටයට හෝ අවසන් පූර්ව වටයට අප ක්‍රීඩා කළා.
ඒ ක්‍රිකට් සන්නාම නැවත ගෙන ඒමෙන් සතුටක් ලබා ගන්න පුලුවන් කියලා







