යුක්‍රේනයේ වයස අවුරුදු 18ත් 60ත් අතර පසුවන පිරිමි පුද්ගලයන් සියලුදෙනාටම එරටින් පිටවීම තහනම් කර තිබේ.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් විශේෂ නියෝගක් නිකුත් කරමින් මෙම තහනම පනවා ඇත.
ඒ අනුව එරට සියලුම පිරිමි පුද්ගලයින් රුසියානු හමුදා සමඟ සටන් කිරීමට යොමු කරනු ලබන බවද සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අනිවාර්ය හමුදා සේවයේ නිරතවූවන් සහ හදිසි අවශ්‍යතා යොදා ගැනීමට යුද පුහුණු ලද පිරිස්ද ඉදිරි දින 90ක කාලය සඳහා ක්‍රියාවිත සේවයේ යෙද වීමටද යුක්‍රේන ජනාධිපතිවරයා තීරණය කර ඇත.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තෙ යුක්‍රේනය මුදා ගැනීමට කිසිවෙකු නොපැමිණෙනු ඇති බවත් එබැවින් තම දේශයේ ආරක්ෂාව තමන් විසින්ම සුරක්ෂිත කරගත යුතු බවයි.
“කවුද අපිත් එක්ක සටන් කරන්න පැමිණෙන්නෙ? මට එවැනි කිසිවෙක් පෙනෙන්නට නැහැ. කවුද යුක්‍රේනයට නේටෝ සාමාජිකයත්වය ලබා දීම ගැන සහතික වන්නෙ? හැමෝම ඒකට බයයි.” යනුවෙන් ජනාධිපති සොලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ජනාධිපති සොලෙන්ස්කි විසින් ගැටුම් වලින් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 137 මරණයට පත්ව ඇති බවත් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.
ඔහු ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන් වීරයන් ලෙසින්ද හදුන්වා දී ඇත.
එසේම යුක්‍රේන ජනාධිපතිවරයා විසින් රුසියානු හමුදා සිවිල් වැසියන් රැදී සිටින ස්ථානවලට යුද ඉලක්ක මෙන් පහර දෙන බවටද චෝදනා කරයි.
කෙසේවෙතත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද දින සිය නිල සමාජ ජාල මාධ්‍ය තුල පෙට්‍රල් බෝම්බ සකස් කරන ආකාරය සඳහන් කර තිබූ අතර එය අනුගමනය කර රුසියානු හමුදාවන්ට පෙට්‍රල් බෝම්බ එල්ල කරන ලෙසටද කීව් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.







