සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ ධීවර පවුල්  ලක්ෂ තුනක් බේරා දෙන්න… උතුරේ ධීවරයෝ සංඝරත්නයෙන් අයදිති!

by editor
නොවැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

සම්ප්‍රදායික ධීවර කර්මාන්තය මතු නොව, සමස්ථ සාගර පද්ධතියම බරපතල ව්‍යසනයකට ලක් කරන සමුද්‍ර ගොවිපල නැමැති ව්‍යසනකාරී ජාවාරමෙන් උතුරේ ධීවරයින් බේරාගන්නාට මැදිහත් වන ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් නියෝජිත පිරිසක් ඊයේ යාපනයේ නාග විහාරාධිප තිමිගහජදුරේ  විමලකිත්ති නායක හිමියන් හමුවී ඉල්ලා සිටියහ.

ලෝකයේ සෑම සංවර්ධිත රටක්ම ප්‍රතික්ෂේප කර ඇති මේ ව්‍යසනකාරී මුහුදු ගොවිපල  යාපනයේ පවුල් ලක්ෂ දෙකකට පමණ අන්ත දුගී ධීවර ජීවිත පමණක් නොව, ඔවුන්ගේ සමාජ සංස්කෘතික සංහිඳියාව ද බිඳ දමමින් ඇති ආකාරය ඔවුහු නායක හිමියන්ට පෙන්වා දී තිබුණහ.

ඉන්ධන හිඟය, ඉන්දීය ධීවරයින්ගේ ධීවර කොල්ලය, දරාගත නොහැකි උද්ධමනය අතර ජීවිතය ගෙවා ගැනීමට අන්තිම අසීරු මොහොතක ධනපතීන් විසින් “මුහුදු ගොවිපල“ ලෙස සිදුකරන ව්‍යසනකාරී කොල්ල කෑම දරාගත නොහැකි බවද මේ තත්ත්වය සමහන් කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ද එම ධීවර සංගම් නා හිමියන්ගෙන් ඉල්ලා තිබිණි.

උතුරේ ධීවරයින් විසින් නායක හිමියන්ට බාර දෙන ලද ලිපියේ මෙම කරුණුද සඳහන් ව ඇත.

මේ අර්බුදකාරී කාලපරිච්ඡේදය තුළ අපගේ වේදනාව තවත් වැඩි කිරීමට මුහුදු ගොවිපළවලට මුවා වී අපේ පාරම්පරික මුහුද විනාශ කර, අපේ ජීවනෝපාය අහිමි කර, දුප්පත් ධීවරයන් වන අපව තව තවත් පීඩාවට පත් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අපි දකිමු.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

උතුරු පළාතේ අක්කර දහස් ගණනක මුහුදු ප්‍රදේශයක කිසිදු අවසරයකින් තොරව දිනෙන් දින සියගණනක් මුහුදු ගොවිපළවල් ස්ථාපිත වෙමින් පවතී.

දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව මේ මුහුදු ගොවිපළවල් හදන එක නවත්වන්න තුන්වේලටම අමාරුවෙන් ඉන්න දුප්පත් ධීවර අපිට බැහැ.

අනාගතයේදී මේ මුහුදු ආහාර ගොවිපළ නිසා අපේ දරුවන්ට කන්න මාළු නැති වෙනවා වගේම දැවැන්ත පෝෂණ ඌනතාවයන් සහ විවිධ රෝගවලට ගොදුරු වෙනවා.

මෙම හානිකර සිප්පිකටු ගොවිපළවල සිප්පිකටු ඇති කිරීම වෙනුවට නීතිවිරෝධී ලෙස මුහුදෙන් බෙල්ලන් අල්ලා ගනිමින් සාගරයේ සමතුලිතතාවය සහ සාගරයේ සිටින මසුන්ගේ ස්වභාවික සුන්දරත්වය ඉතා භයානක ලෙස විනාශ කරමින් සිටින බව ද ඔබේ අවධානයට යොමු කරමු. .

මේ ගොවිපළවල් පවත්වාගෙන යන සමහර ලොක්කන් තිරය පිටුපස අපේ ජනතාව සහ අපේ සාගර සම්පත් සූරාකමින් බිලියන ගණන් උපයනවා.

නොගැඹුරු මුහුදේ සැරිසැරීමෙන් වගා කළ මසුන් සහ සමුද්‍ර සම්පත් විනාශ වනවා පමණක් නොව සමස්ත පරිසර පද්ධතියම විනාශ වන බව නැවත නැවතත් ඔප්පු කර ඇති අධ්‍යයනයන් රාශියක් ලොව පුරා තිබේ.

ලෝකයේ විවිධ සංවර්ධිත රටවල් සමුද්‍ර ගොවිපළ තහනම් කර තිබීම සමුද්‍ර ගොවිපළ සමස්ත පරිසරයටම හානිකර බවට පැහැදිලි සාක්ෂියකි.

චර්යාත්මක පරිසර විද්‍යාව සහ පරිණාමීය ජාන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂකයෙකු සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ඒ.එම්. රියාස් අහමඩ් විසින් උතුරු මුහුදේ සිදු කරන ලද තීව්‍ර ක්ෂේත්‍ර පර්යේෂණ ඇසුරින් ලියන ලද “යාපනේ දූපත් වල මුහුදේ දේශපාලනය සහ පරිසර විද්‍යාව” මෑතකාලීන ග්‍රන්ථයකි.

නොගැඹුරු මුහුදේ මුහුදු පැලෑටි ගොවිපළවල් පිහිටුවීමෙන් සමස්ත පරිසර පද්ධති විනාශ කළ හැකි ආකාරය පිළිබඳ තවත් උදාහරණයක්.

දිළිඳු ධීවර ප්‍රජාවක් ලෙස ඇතැම් බාහිර බලවේග තම වාසිය තකා ධීවර ජනතාව අතර ගැටුම් ඇති කර මුහුදු ගොවිපළවලට මුවා වී ධීවර ජනතාව දෙකට බෙදීමට උත්සාහ කරන බව අපට නිරීක්ෂණය වී තිබේ.

දිළිඳු ධීවර ප්‍රජාවක් ලෙස, උතුරු පළාතේ තරුණ පරම්පරාව ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය බෙදා හැරීමට මෙම අක්වෙරළ ගොවිපළවල් සමීපව සම්බන්ධ වී ඇතැයි අපි සැක කරමු.

යාපනේ නාග විහාරයේ විමලදේව හිමියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ සියලු ජනතාවට ඇත්ත ප්‍රකාශ කර අපේ මුහුදත්, දුප්පත් ධීවරයන්ගේ ජීවනෝපායත්, පරිසරයත් ඇතැම් ධනපතියන් විසින් තම අනුගාමිකයින් හරහා සූරා කෑමෙන් ආරක්ෂා කර දෙන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට නුදුන් IMF ගිවිසුම ජනපති හිතවතුන් අතට ගිහින්! හර්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි..

Next Post

බෝවන රොග වැළඳුන අය අතරින්  රටේ වැඩිම පිරිසක් මිය යන්නේ ක්ෂය රෝගයෙන්… අවුරුද්දකට මරණ 600ක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.