දිනසේන රතුගමගේ –
මෙවර යාපනය දිස්ක්කයෙන් සමගි ජන බල වේගය යටතේ මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයාවන අලගසුන්දර කිරුබාකරන් යාපනය ශීක්ෂණ රෝහලේදී ඊයේ (20) මියගොස් තිබේ.
ඔහු එම පක්ෂයේ යාපනය සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු යාපනයේ ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් ද වෙයි.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුඅත් කොට ඇති අතර ඔහු එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔහු සමගි ජන බලවේගයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කළ නමුත් ජයග්‍රහණය කිරීමට නොහැකි වුණි. මියයන විට අවුරුදු 44 ක් වූ කිරුබාකරන්ගේ අවසන් කටයුතු 22 දා යාපනයේදී සිදු කිරීමට නියමිතය.







