බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරසිටමෝල් එකක් ඉල්ලූ ආබාධිත රැඳවියාට බරපතල ලෙස පහරදුන් බන්ධනාගාර නියාමක සුනඛයාට වැඩ වරදින ලකුණු!

by editor
නොවැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

 බන්ධනාගාර රැදවියෙකුට  වීරවිල එළිමහන් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමක වරයෙකු විසින් සිදුකර ඇති අමානුෂික  පහරදීමේ සිද්ධියේ දි වින්දිත රැඳවියාගේ පාර්ශවය සදහා   අවශ්‍ය සියළු නීතිමය කටයුතු පවත්වා ගැනීමට  පියවර ගන්නා බව    මානව හිමිකම් ප්‍රථමාධාර මධස්ථානයේ  හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක තරංග එල්.පටබැදි   පැවසීය. 

මෙලෙස පහරකෑමට ලක්ව අසාධ්‍යව රෝහල් ගත කර ඇත්තේ බඩල්ගම, කටුකෙන්ද, හයිවේ ටෙරන්ස්, අංක 141 දරණ ලිපිනයේ පදිංචි ආබාධිත තත්වයෙන් පෙළෙන ඩබ්ලිව්.ඒ. නිශාන්ත සංජීව හෙට්ටි ආරච්චි නැමැත්තෙකි.

එහිදි සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයෙකු වරදක් කළ පසු ඊට අධිකරණයකින් දඩුවම් නියම කර එම දඩුවම් බන්ධනාගාරය තුළ විදිමින් සිටියදී සිරකරුවන්ට මෙලෙස අමානුෂික ලෙස පහරදීම කිසිසේත් අනුමත කළ නොහැති බවයි. මේ සම්බන්ධයෙන් සියළුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.

2024.10.22 වන දින හෙරොයින් මිලිගෑම් 200 ක් සමග මට්ටක්කුලිය පොලිසිය විසින් මොහුව අත් අඩංගුවට ගෙන ඇත.  පොලීසිය විසින් මොහුව 2024.10.23 දින   අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මොහුට රුපියල් 7000 ක දඩයක් නියමකර තිබේ.  එම දඩය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණය විසින් මොහුට මාස 06 ක සිර දඩුවමක් නියම කර, වැලිකඩ බන්ධනාගාරය වෙත යොමුකර කර ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය විසින් මෙම සිරකරු 2024.10.23  දින රාත්‍රී වීරවිල එළිමහන් සිර කදවුර වෙත ස්ථාන මාරුකර යවා ඇති අතර 2024.10.31 වන දින මෙම සිරකරුට ඇති වූ හිස රදයක් හේතුවෙන් ඔහු  එහි සේවයේ නියුතු බන්ධනාගාර නියාමකයක වරයෙකුගෙන් පෙනඩෝල් පෙති දෙකක ඉල්ලා තිබේ.

එහිදී බන්ධනාගාර නියාමක වරයා එය සැළකිල්ලකට නොගෙන නෑසුනා සේ සිට ඇත. එහිදී යළිත් මෙම සිරකරු විසින් නියාමකවරයාගෙන් පැනඩෝල් පෙති දෙකක් දෙන ලෙස ආයාචනය කර තිබේ. එහිදී ඊට උරණ වු බන්ධනාගාර නියාමක වරයා සිරකරුට පරුෂ වචනයෙන් බැනවැදී දකුණු අත අහිමි මෙම ආබාධිත සිරකරුට පොල්ලකින් ඉතා අමාණුෂික ලෙස පහරදී ඇත.

පහරකෑමෙන් සිරකරුගේ  වම් අතට බරපතළ තුවාල සිදුව තිබේ. නමුත් බන්ධනාගාර නිළධාරීන් විසින් තුවාල ලැබූ සිරකරුගේ අතට කිසිදු ප්‍රථිකාරයක් නොකර දින 07ක් තිස්සේ බන්ධනාගාරය තුළම රඳවාගෙන සිට ඇත. එහිදී සිදුව තිබූ තිවාලයෙන් අධික ලෙස සැරව ගැලීම හේතුවෙන් සිරකරු වීරවිල බන්ධනාගාර නිළධාරීන් විසින්ම   පසුගිය 07වැනිදා    වීරවිල එළිමහන් බන්ධනාගාරයේ සිට ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුලත් කෙරුණු සිරකරු වෛද්‍ය උපදෙස් මත නේවාසික ප්‍රථිකාර සදහා රෝහලේ 04 වැනි වාට්ටුව වෙත යොමු කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයෙන් මහ මැතිවරණයට තරග කළ සජබ ප්‍රධාන අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යයි!

Next Post

කෘතීම බුද්ධිය සහ වැරදි තොරතුරු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.