තුෂාරී කළුබෝවිල –
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් උතුරු අන්දමන් දූපත් ආශ්රිත ව මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් යළිත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් පසුගිය වැසිවලින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශවල ජනයා වඩාත් විමසිලිමත් වියයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
නායයාම් දැඩි අවදානම් ප්‍රදේශ ලෙස රතු නිවේදන නිකුත් කරන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, මාවනැල්ල, ල්අරනායක, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, කෑගල්ල, වරකාපොළ, කෑගල්ල, ගලිගමුව ප්‍රාදේශීය ලේජම් කොට්ඨාසවලට ද මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දොළුව, යටිනුවර, උඩපළාත, පස්බාගේ කෝරළය, ගඟවට කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, අලව්ව, නාරම්මල, මාවතගම, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය ද කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මතුගම ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මල්ලවපිටිය, රිදීගම, අලව්ව, මාවතගම, පොල්ගහවෙල ද ල්මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙළ ද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ, කලවාන ද බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල ද කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක ද මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, මිනිපේ, මැද දුම්බර, පූජාපිටිය, උඩුදුම්බර, දෙල්තොට, හතරලියද්ද, අකුරණ, පන්විල, කුණ්ඩසාලේ යන ප්‍රදේශවල ජනතාව ද නැවතත් ආරක්ෂාකාරී වියයුතු වේ.
එසේ ම රාජාංගනය, දැදුරු ඔය, ලක්ෂපාන, කුකුළේ ගඟ, තබ්බෝව, පොල්ගොල්ල, කොත්මලේ, වික්ටෝරියා, මහාවිලච්චිය, නාච්චදූව, නෝර්ට්න්බ්රිජ්, අංගමුව, කුරුවිල, තිසා වැව, අභය වැව,
මහා ඔය, අත්තනගලු ඔය, මල්වතු ඔය, කැලණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කලා ඔය දැනටමත් පිරී ඇති බැවින් ඒ ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව ද විමසිලිමත් විය යුතු වේ.
කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත මුහුදේ පවතින මෙම පීඩන පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඒ අනුව එහි බලපෑමෙන් දිවයිනේ සබරගමුව, වයඹ, මධ්‍යම, උතුර, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
අම්පාර හා මඩකලපුව ප්‍රදේශවලට ද රාත්‍රී කාලයේ වැසි ඇති වන අතර කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.







