සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපාලන අර්ථයත් විනාශ කළ රනිල් එක්ක මොන දූෂණ විරෝධී ගමනක් ද?… හරිනි පාර්ලිමේන්තුවේ දී අසයි!

යන එන ගමන් කතා කියාගෙන යන රනිල්ගේ දේශපාලනය නොතේරෙන්න අපි බබ්බු නෙමෙයි...

by editor
පෙබරවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාවට අවශ්‍ය පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කරගත හැකි නායකයෙක්   පමණක්ම නොව,  තමනුත්  නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය වෙනස්  කළ හැකි බරපතල සමාජ පරිවර්තනයක් සමග එන    දේශපාලන ව්‍යාපාරයක් බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, අන්ත දූෂිත දේශපාලනයක් සිදුකරමින්  යහ පාලන ආණ්ඩුව පිහිටුවා දින 52ක් යනවිට   රටේ සිදුකළ විශාලම මූල්‍ය වංචාවක්වන මහ බැංකු වාංචාවේ ප්‍රධාන අපරාධ චෝදනා සහිත රනිල් වික්‍රමසිංහ සමග ජාතික ජන බලවේගයට  කවර ආකාරයේ දූෂණ විරෝධී ගමනක් දැයි තමන් විමසන බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

දූෂණ විරෝධී ආණ්ඩුවක දූෂණ විරෝධී ව්‍යාපාරයක් වෙනුවෙන් සහයෝගයෙන් වැඩ කිරීමට කොන්දේසි විරහිතව එකඟවන නමුත් ඒ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් නොවන බව ද ඇය ප්‍රකාශ කළාය.

මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.

“රනිල් වික්‍රමසිංහ  කිසිසේත්ම ජනතාව අභිලාෂයන් නියෝජනය කරන පුද්ගලයෙක් නෙමෙයි.

ඔහු විවිධ අවස්ථාවල දූෂණයට එරෙහිව එකතු වෙන්න කියලා   අපි සියලු දෙනාටම ආරාධනා කළා. පෙරේදා  ඔහු ගේ කතාව තුළ ඔහු ඇඟෙව්වා ජනතා විමුක්ති පෙරමුණ ඔහුත් එක්ක   ඉතා කිට්ටුවෙන් වැඩ කළා කියලා දූෂණ විරෝධී වැඩවලට. ඒකට නායකත්වය  දෙන්න මැදිහත් වුනා කියලා අවස්ථා කීපයක දී ඔහු කියනවා. කියනවා නෙමෙයි.  ඒක කියාගෙන යනවා. අපි බබ්බු නෙමෙයිනේ. ඔහුගේ දේශපාලන අරමුණත් අපට තේරෙනවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපි හිතමු. ඕනෑම ආණ්ඩුවක් දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා නම්  අපි ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්. ඒ සම්බන්ධව කිසිම තර්කයක් නෑ. ඒ පදනමේ ඉඳන් තමයි 2015 උනත්   යහ පාලන ආණ්ඩුව එක්ක   යම් මැදිහත්වීමක් සමග සාකච්ඡාවක් ආරම්භ කළේ.  ඒ බලාපොරොත්තුවෙන්.”

“ඒ යහපාලන ආණ්ඩුව පොරොන්දු වෙච්චි විදිහට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වේවි කියලා. නමුත් දින 52ක් යනකොට ඒ යහපාලන ආණ්ඩුව තමයි මහ බැංකු කොල්ලය කළේ.  ලංකාවේ  සිද්ධ වෙච්චි විශාලම දූෂණයක් රනිල් වික්‍රමසිංහගේ  නායකත්වය යටතේ සිද්ධ වුනා. එවැනි ආණ්ඩුවක් සමග තව දුරටත් දූෂණයට එරෙහිව කටයුතු කරන්න බැරි නිසා තමයි ඒ ක්‍රියාවලියෙන් අයින් උනේ. “

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ විටින් විට එතැන වැඩ කරපු රාජ්‍ය සේවකයින්ගෙ නම් කියමින් ඔවුන්වත් අවදානමකට පත් කරනවා.  ආනන්ද විජේපාල රාජ්‍ය සේවකයෙක්. ඒ ආයතනයට  තෝරා ගත්ත රාජ්‍ය සේවකයෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඔහුව මතු කරමින් වෙන කතාවක් කියන්න උත්සාහ කරනවා.  නමුත් අපි දන්නවා දූෂණයට එරෙහි ඒ ආයතනයට වැඩ කරන්න බැරි වෙන විදිහට බාධා එන්න පටන් ගත්තේ මොන අවස්ථාවෙ ද කියලා.  එකත් මුලු රටම දන්නවා.”

“රනිල් වික්‍රමසිංහ එක්ක වැඩ කරපු රනිල්ට ආරක්ෂා කරන්න අවශ්‍ය වුන රවී කරුණානායක සහ පී. හැරිසන් වගේ අයගේ විමර්ශන පටන් ගන්නකොට තමයි දූෂණ විරෝධී විමර්ශනවලට බලපෑම් එන්න පටන් ගත්තේ. ඒවට ඉදිරියට යන්න බැරි වෙන්නේ.   ඔහුගේ දේශපාලන මැදිහත්වීම තුළින් දූෂණ විරෝධී ක්‍රියාවලිය නිසි ලෙස කරගෙන යන්න බැරි   වුන බව මුලු රටම දන්නවා. “

“එවැනි නායකයන් සමග අප හිතන්නෙ නෑ අපට දූෂණයට එරෙහිව වැඩ කරන්න   පුලුවන් කියලා. ඔහු ඇවිත් මෙතන අඟවන්න හදනකොට ඔහුත් දූෂණ විරෝධී කෙනෙක්, දූෂණයට  විරුද්ධ සියලු දෙනා ඔහු සමග වැඩ කළ යුතුයි කියලා ඒක විශාල බොරුවක්, වංචාවක්, විහිලුවක්.”

“එතනිනුත් ඔහු උත්සාහ කරන්නෙ ඒ අවස්ථාවෙදි ප්‍රශ්න කරන්න බැරි ඔහුගේ කතාවෙන් බොරු අදහස් වපුරුවමින් අමුතු සුරංගනා කතාවක් හදන්න.  “

“ඔහුගේ ඔය උපාය මාර්ග තව දුරටත් වලංගු නැති බවත් ඔහු තේරුම් ගත යුතුයි. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ ජෙනරාල්ලා සහ අපේ ෆීල්ඩ් මාර්ෂල්ලා වෙනස්වන තැන… යුක්රේන හමුදා ප්‍රධානියා ඉවත් කළ පසු ඔහු ලෝකයට කී කතාව!

Next Post

නීතිපති උපදෙස් එන තුරු මුලතිව් අධිකරණය කුරුඳුමලේ අයිතිය පිළිබඳ නඩු බහා තබයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.