දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුදුමලේ විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු තුනක් සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තුරු එම නඩු බහා තැබීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඊයේ ( 8 ) තීන්දු කොට තිබේ.
මෙම නඩු මීට පෙර වාර වලදී විභාගයට ගත් අවස්ථාවලදී මුලතිව් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ කුරුදුමලේ විහාරය හා ඒ අසල පිහිටි හින්දු කෝවිල නිසා දෙපාර්ශ්වයම නිතර නිතර ඇති කර ගන්නා ආරවුල් නිසා පළාතේ සාමයට එය විශාල බාධාවක් වී ඇති බවය.
මෙවර එම නඩු විභාගයට ගත් අවස්ථාවේදී දැනට ඉදිරිපත් වී ඇති සාක්කි හා පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තා හා පුරවිද්‍යා ආඥා පනත නීතිපතිවරයා වෙත යොමුකොට මේ නඩු සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා සිටීමට තීරණය කොට ඇත.
මේ නිසා නීතිපතිවරයාගේ උපදෙස් ලබෙන තුරු කුරුඳුමලේ විහාරය සම්බන්ධයෙන් වූ නඩු විභාගයට නොගැනෙන අතර ඉදිරියේදී මේ ස්ථානය සම්බන්ධයෙන් ආරවුල් ඇති වුවහොත් පොලිසිය ඊට මැදිහත් වී කටයුතු කළ යුතුව ඇති බවටද මුලතිව් අධිකරණය විසින් නියෝගයක් පනවා තිබේ.
කුරුඳුමලේ විහාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේට හා බෞද්ධ ජනතාවටද එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමට බාධා එල්ල නොකරන ලෙසත් එමෙන්ම ඒ අසල පිහිටි හින්දු කෝවිල තුළ හින්දු බැති මතුන්ට පූජා පැවැත්වීමටත් පොංගල් කිරීමටත් ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතු බවටත් අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබේ.







