පාදෙනිය අනුරාධපුර මාර්ගයේ අඹන්පොල නගරය හරහා යතුරු පැදියක් ධාවනය කරමින් සිටි හිමිනමක් අත්ඩංගුවට ගෙන ඇතැයි අඹන්පොල පොලිසිය පවසයි.
අංක 113 – 5670 දරණ යතුරු පැදියේ පැදිකරු ලෙස යතුරු පැදිය ධාවනය කරමින් ගමන් කරන බවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ධාවනයේ යෙදුණු යතුරු පැදිය නවතා පරීක්ෂා කර බැලීමේ දී මෙම යතුරු පැදියේ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට මෙම හිමිනම අපොහොසත් වී ඇත. යතුරු පැදියේ අනන්‍යතාවය තහවුරු කර ගන්නා තෙක් එම යතුරු පැදිය සමග හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර හිමිනමගෙන් තොරතුරු විමසීමේදී මෙම හිමිනම අනුරාධපුර , කොඩිගලගම, ශ්‍රාවස්තිපුර ශ්‍රී සුමේද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය කහටපිටියේ සුමේද හිමි බවත් අනාවරණය කර ගෙන තිබේ.
ශ්‍රාවස්තිපුර සිට කුරුණෑගල දෙසට යතුරු පැදිය ධාවනය කරමින් සිට ඇත. පැවිදි වීමට පෙර හේරත් මුදියන්සේලාගේ කිරිබංඩා නමින් හා ඉහලගම, ඇලහේනේගම, කොබෙයිගනේ ලිපිනයෙන් යුක්ත අංක A 015600130 දරණ රියදුරු බලපත්‍රය මෙම හිමිනම සතුව තිබී ඇත.
රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අඹන්පොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 33567 රංජිත් ඇතුලු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.







