දිනසේන රතුගමගේ –
යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට වීදුරු බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (10) යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය කයිතඩි මාර්ගයේ පිහිටි මෙම කාර්යාලයට 9 දා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර කාර්යාලය ඉදිරි පිටින් ගමන් කළ මෝටර් රථයක සිටි තරුණයින් තුන් දෙනා වීදුරු බෝතලයකින් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බවට යාපනය පොලීසියට තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව ඔවුන් තුන් දෙනා හා ඔවුන් ගමන් ගත් මෝටර් රථය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.
මේ ප්‍රහාරය හේතුවෙන් කොන්සෝල් ජනරාල් කාර්යාලයේ වීදුරු කීපයකට සුළු අලාභ හානි සිදුව තිබුණු අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.