අභිනව අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි මහා සෑයේ චෛත්‍යාරාමාධිපතිව වැඩ විසූ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ අද (11) මෑත කාලීන ශාසන ඉතිහාසයේ 11 වැනි අටමස්ථානාධිපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගනිති.
1954 වසරේ ජුනි 15 වනදා මාතලේ පල්ලේගම දී උපත ලැබූ හේමරතන හිමියන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවිදි දිවියට ඇතුළු වුණේ 1968 වසරේ මැයි 09 වනදා ය.
පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හිමි උන්වහන්සේ 1977 වසරේ සිට 1988 දක්වා ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගේ තේවා කටයුතු භාරව ද කටයුතු කළහ.
අටමස්ථානධිපතිව වැඩ විසූ අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථාන කාරක සභාව රැස් වී ඒකමතිකව පල්ලේගම හේමරතන හිමිපාණන් අටමස්ථානාධිපති ධූරයට පත් කරගත්හ.
අටමස්ථාන කාරක සභාවේ සභාපති, වෛද්‍ය ජනක බුලන්කුලම අතින් උන්වහන්සේට පිරිනමන මල්වට්ටිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කර, ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු උන්වහන්සේ නව අටමස්ථානාධිපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.
එමෙන්ම සම්ප්‍රදායික ව ශ්‍රී මහා බෝධියේ අංකුරයක් වෙනත් විහාරස්ථානයකට පිරිනැමීම ද මෙහි සිදු කෙරෙනු ඇත.