ලලිත් චාමින්ද –
යක්කලමුල්ල මාහේනවත්ත පොල්පාගොඩ ප්රදේශයේ පුද්ගලයෙකු ඊයේ රාත්රියේ (24) දී කපා කොටා ඝාතනය කොටඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ යක්කලමුල්ල මාහේනවත්තතේ පදිංචි සමන්ත අනුරාධ (50) නැමති අයෙකි.
මරණකරුගේ නිවස ආසන්නයේ නිවාසද නොමැති අතර මෙම පුද්ගලයාගේ කෑ ගැසීම මදක් දුරින් පිහිටි නිවාසවල අයට ඇසී පැමිණ බලන විට ලේ ගලන තුවාල සහිතව නිවස තුළ ඔහු වැටී සිටිනු දැක ඇත. අනතුරුව 1990 ගිලන් රථයක් ද ගෙන්වා ගෙන යක්කල මුල්ල පොලිස් ස්ථානයට ද මේ අපරාධය දැන්වීමට ප්රදේශවාසීන් කටයුතු කර තිබේ.
දැනුම් දීමට අනුව පැමිණි යක්කලමුල්ල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා මෙම නිවසේ තනිවම ජීවත්වන පුද්ගලයෙකු බවත් ඔහු මුදල් ඔට්ටුවට සූදූ සෙල්ලම් කිරීම හා මුදල් පොලියට දීම සිදුකරන බවත් පොලිසියට ආනාවරණය වී ඇත.
ඝාතකයින් යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු දැන ගැනීමට තිබේ. මෙය සිදුකිරීමට හේතුව හෝ සිදුකල පුද්ගලයින් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරනය වී නැත.

මරණකරුගේ නිවස අසල සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් වූ පොල්පගොඩ ප්රදේශයේ ඇලක සැකකටයුතු ලෙස යතුරුපැදියක් දමා තිබියදී අද උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබීය .
මෙම ඝාතනය සහ යතුරුපැදිය එකම සිද්ධියකට සම්බන්ධ දැයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙ.







