සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොස්කව් ප්‍රහාරයට පෙර තමන් ද අනතුරු ඇඟවූ බව ඉරානය කියයි!

by lankasara-editor
අප්‍රේල් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයින් 140 කට අධික පිරිසකට මරු කැඳවූ මොස්කව් හි ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් විසින් රුසියාවට ත්‍රස්තවාදී මෙහෙයුමක්  පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කල බව ඉරානය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නමුත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ එවැනි අනතුරු ඇඟවීමක් ගැන තමා දැන නොසිටි බවයි.

ඉරානය පවසන්නේ මොස්කව් හි සිදු වූ ප්‍රහාරය, ඉස්ලාමීය රාජ්‍යයේ ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ISIS-Khorasan හෙවත් ISIS-K හි  ත්‍රස්තවාදීන් සිදු කළ බවයි. ඵලෙස ප්‍රකාශ කරන්නේ තම රට තුළ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාරවලට අදාල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු අනුව බවත් ඔවුන් දක්වා තිබෙනවා.

මෙම වසර මුලදී 100 දෙනෙකුට පමණ මරු කැඳවමින් ඉරානයේ කර්මන් නගරයේ විශාල බෝම්බ පිපිරීමක් සිදු වූ අතර ඉන් පසුව ටෙහෙරානය ප්‍රහාරයට සම්බන්ධ ISIS-K සාමාජිකයින් 35ක් පමණ රඳවා තබා ගෙන තිබෙනවා. එහිදී සිදු කල ප්‍රශ්න කිරීම් වලදී ISIS-K සමාජිකයන් ට රුසියාවේ සැලකිය යුතු මට්ටමේ මෙහෙයුමක් සඳහා සූදානම් වන ලෙස උපදෙස් ලබා දී ඇති බව අනාවරණය වූ බව ඉරානය වාර්තා කර තිබෙනවා.

රුසියාව වෙනුවෙන් අදහස් දැක්වමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ප්‍රහාරයට පෙර ඉරානයෙන් එන අනතුරු ඇඟවීම් පිළිබඳව තමා කිසිත් නොදන්නා බවයි. ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදී කණ්ඩායමේ ශාඛාව ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු සමූල ඝාතනයේ වගකීම භාරගත් අතර ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය පිටුපස සිටි එකම වැරදිකරු ISIS-K බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අවධාරනය කර තිබෙනවා.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් රුසියාව, මොස්කව් ප්‍රහාරයට ISIS-K සම්බන්ධ බවට තවමත් නිශ්චිත ලෙස පිළිගෙන නොමැති අතර ඔවුන්ගේ මුලික සොයාගැනීම් වලින් පෙන්නුම් කරන්නේ යුක්රේනය සහ අනෙකුත් පාර්ශවයන් මීට සම්බන්ධ වී ඇති බවයි. රැඩිකල් ඉස්ලාම්වාදීන් විසින් ප්‍රහාරය සිදු කළ නමුත් එහි සැබෑ මහ මොළකරු තවමත් තහවුරු කර නොමැති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයේ (FSB) ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බෝට්නිකොව්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුක්‍රේනය මෙම සංහාරයට සම්බන්ධ විය හැකි බව පවසනවා.

ඊයේ එනම් සඳුදා දින රුසියානු විමර්ශන කමිටුව නිවේදනය කළේ යුක්රේනය සහ එක්සත් ජනපදය ඇතුළු යුක්රේනයේ බටහිර ආධාරකරුවන් රුසියානු භූමියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. රැසියාවේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව ත්‍රස්තවාදී ක්‍රියා සංවිධානය කිරීම, මූල්‍යකරණය කිරීම සහ හැසිරීම පිළිබඳව FSB දැන් විමර්ශනය සිදුකරනවා.

Share69Tweet43
Previous Post

ඉනිමකින් ගහගන්න තිබුණ අභියෝගය මගහැර වේග පන්දු යවන්නන් විවේක ගැන්වීමට ගොස් වෙච්චි දේ…

Next Post

ලැන්කෂයර් ප්‍රාන්තයෙන් ක්‍රිකට් කණ්ඩායමක් එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.