සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොනතරම් දක්ෂයෙක් වුනත්  අන් අයගේ සහයෝගය නොලැබේ නම් සාර්ථක විය නොහැකියි! – ජනපති

by editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බවත් සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයකි. පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසීය.

නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වරින් වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.

පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් අද විසිර ගියහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයට ඇතුළත්ව වසර 2යි මාස 09ක කාලයක් “රණ අධ්‍යයන විද්‍යාවේදී උපාධි පාඨමාලාව” හැදැරූ 73දෙනෙක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභීන් 150දෙනෙක්, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීහු 61දෙනෙක්, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනියෝ 15දෙනෙක් සැම්බියාව, මාලදිවයින සහ රුවන්ඩාව රාජ්‍යයන්ගෙන් පැමිණ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීහු 06දෙනෙක් හා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය බට නිලධාරීහු 05දෙනෙක් මේ පිරිසට අයත් වෙති.

ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨාමාලා අංක 17 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය එච්.ඒ.ටී. ප්‍රභාෂ්වරී, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඒ.එම්.ඩී.ටී.එන්. පෙරේරා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලාත සම්මානය ආර්.ටී.එල්.ඒ. සිල්වා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන ගෞරව අසිපත එච්.ඊ.ඒ. රන්ජුල, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා 90 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමිවන ගෞරව අසිපත ටී.ආර්.සී.ඩී. පතිනායක, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඩී.එම්.එම්. රුක්ෂාන් දක්ෂතම විදේශීය කෙඩෙට් නිලධාරී ගෞරව යෂ්ටිය මාලදිවයින් ජාතික ඒ. ආදම් යන අයවලුන් ජනාධිපතිවරයා අතින් සිය සම්මාන හිමි කරගෙන ඇත.

සිය සහභාගීත්වය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා පැළයක් රෝපණය කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණවටුන සංචාරකය ව්‍යාපාරිකයන්ගෙන්  LPL  ක්‍රිකට්  විරෝධයක්…

Next Post

ආණ්ඩුවට ඡන්දය දුන් යූඑන්පී මන්ත්‍රීවරු එලවන්නැයි යටිනුවර සංවිධායක එජාප නායකත්වයට කියයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.